sydney-flood

ඕස්ට්‍රේලියාව නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ වෙත පසුගිය ඉරිදා දිනයේදී අධික වර්ෂාවක් පතිත වූ බව වාර්තා වෙයි. 



මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ඇතුළු ප්‍රදේශ තුළ වතුර අවදානමක් මතුව තිබූ අතර, ඒ නිසා සිඩ්නි නුවර ජනතාවගෙන් 4,000කට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසටද බලධාරීන් විසින් උපදෙස් ලබාදී තිබුණි.මෙම ගංවතුර තත්වය වසර 100කින්ම පසුව ඔස්ට්‍රේලියාවමුහුදෙන දරුණුතම ගංවතුර තත්වයක් ලෙසද සැලකෙයි. ඔස්ට්‍රේලියාවේ කාලගුණික විද්‍යා කාර්යාංශයට අනුව ප්‍රදේශ රැසක ජල මට්ටම මිලිමීටර් 200ක් ඉක්මවීමේ  අවස්ථාවක්ද පැවතුණි.මෙම ස්වභාවික ආපදා තත්වය මගහරවමින් ජනතාවට හැකි පමණින් සභාය ලබාදීමට කටයුතු යොදන බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොටි මොරිසන් පවසා තිබේ. එහිදී හදිසි අවස්ථා වෙත අවශ්‍ය සහාය සදහා යුද හමුදාව කැදවීමටද ඔහු පියවර ගෙන ඇත.