තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕවා තමන් සහභාගි වූ මාධ්‍ය හමුවකදී ඊට එක්ව සිටි මාධ්‍යවේදීන් වෙත විෂබීජ නාශක දියර ඉසීමක් සිදුකළ බව විදෙස් මාධ්‍ය පවසයි. මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදින් ඔහුගෙන් ප්‍රශ්න විමසීම සඳහා යොමුවීමත් සමග අගමැතිවරයාගේ මෙම හැසිරීම වාර්තාවිය. 

එහිදී තමන් අතෙහි තිබූ විෂබීජ නාශක දියර ඉසිනයක් මාධ්‍යවේදීන් වෙත යොමු කරමින් ඔහු ඉක්මන් ගමනින් යන ආකාරයද දැකගත හැකිවිය. එසේම එම සෑම අවස්ථාවකදීම ඔහු සිය අතෙහි තිබූ මුඛ ආවරණයෙන් නාසය වසා ගන්නා ආකාරයද හොදින් සටහන්ව ඇත.ඒ අනුව මෙය ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලින් මගහැරයාම සදහා යොදාගත් උපක්‍රමයක් බවටත් අදහස් ඉදිරිපත්ව ඇත.
 මාධ්‍ය  හමුව අවසන් වෙද්දී, මාධ්‍යවේදීහු   තොරතෝචියක් නැතිව ප්‍රශ්න ඇසීමට පටන් ගත්හ.


එවිට සාක්කුවේ තිබූ සැනිටයිසර් බෝතලය අතට ගත්   අග්‍රාමාත්‍යවරයා එය මාධ්‍යවේදීන්ට ඉසීමින් එතැනින් නික්ම ගියේ කේන්තියෙනි.  මීට පෙර එක් අවස්ථාවක, මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමට බලා සිටිද්දී, අග්‍රාමාත්‍ය ප්‍රයාත් චාන් ඕචා ඔහුගේ රුව ඇති, ඔහුගේ ප්‍රමාණයට සමාන කාඩ්බෝඩ් රුවක් ගෙනැවිත් මාධ්‍යවේදීන් හමුවේ තබා යන්න ගියේ, “මෙන්න මෙයාගෙන් ඕනෑ දෙයක් අහගන්නවා යැයි කියමිනි.
ප්‍රයාත් චාන් ඕචා, තායිලන්ත හමුදාපතිවරයාය. දේශපාලන අර්බුදයක් නිර්මාණය වී, රට අස්ථාවර වෙද්දී, හමුදාපති  ලෙස ප්‍රයාත් චාන් ඕචා රටේ බලය අල්ලා ගත්තේය. ප්‍රයාත් චාන් ඕචා හමුදා ධුරයෙන් සමුගත් අතර, ඉන්පසු 2019 වසරේ පැවැති මහ මැතිවරණයෙන් යළි ජනවරමක් හිමිකර ගැනීමට ද සමත් විය.