දකුණු ඉන්දියාවේ පෙරළිකාර දේශපාලනයක නිරතවූ නැසීගිය තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව සිනමාවට නැගී තිබේ. ප්‍රකට බොලිවුඩ් නිළි කන්ගනා රනාත් ප්‍රධාන චරිතයට පණ පොවන මෙම චිත්‍රපටය ‘තලෙයිවි’ යනුවෙන් නම් කර තිබේ.
මුලින් සිනමා නිළියකව සිටි ජයලලිතාගේ විනෝදාස්වාද ක්ෂේත්රයේ තාරුණ්‍යය හා එම අරගලයේ සිට කාන්තා දේශපාලනඥයෙකු බවට පත්වීම දක්වා කතාව මෙහිදී දිග හැරේ.
තලෙයිවි ට්‍රේලරය අද (23) එළිදැක්වීමට නියමිතව ඇති අතර කන්ගනා රනාත් නව චලන පෝස්ටරයකින් ජයලලිතා මූර්තිමත් කරමින් පෙනී සිටීමද විශේෂිතය.
'තලෙයිවි' විෂ්ණු වර්ධන් ඉන්දුරි සහ ශයිලේෂ් ආර් සිං විසින් නිෂ්පාදනය කර ඇති අතර හිටේෂ් තක්කාර් සහ තිරුමල් රෙඩ්ඩි එක්ව අධ්‍යක්ෂණය කර ඇත.
කන්ගනා රනාත් රඟපාන මෙම චිත්‍රපටය හින්දි, දෙමළ සහ තෙලිගු භාෂාවෙන් ලොව පුරා තිරගත වීමට නියමිතය.
0 Comments