usa-covid19

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක එන්නත්කරණය යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පූර්ණ එන්නත් ලාභීන්ට සංචරණයේ යෙදිය හැකි බවට අනුමැතිය ලබාදීම සඳහා ප්‍රමාණවත් දත්ත හෝ සාක්ෂි තමන් සතුව තවමත් නැතැයි එරට අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබද මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි පසුගියදා පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී. මෙම පූර්ණ එන්නත් ලබාගත් පුද්ගලයන් වෙත සංචරණය සදහා අවස්ථාව ලබා නොදීමට සෞඛ්‍ය බලධාරීන් සතු විද්‍යාත්මක කාරණාව කුමක්දැයි පිළිබදව විමසූ අවස්ථාවේදී වෛද්‍ය ෆවුසි මේ බව පවසා ඇත. 

ඔහු අද වනවිට ධවල මන්දිරයේ COVID-19 මර්දනය පිළිබඋපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. විශේෂයෙන්ම නව ජනපති බයිඩන් මීට පෙර සිදුකළ සදහන් කිරීමකට අනුව විද්‍යාව පදනම් කරගනිමින් එන්නත් ලබාගත් පිරිස් වෙත සංචරණය සදහා අවස්ථාව ලබාදෙන බවට පොරොන්දුවක් වී තිබුණි. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය හමුවේ යම් තරමකට නිරුත්තර වී ඇති වෛද්‍ය ෆවුසි, එක්සත් ජනපදයේ රෝග පාලනය පිළිබද මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරමින් සිටින බවත් පවසා තිබේ. මෙහිදී සංචරණය සඳහා අවස්ථාව ලබාදීමට පෙරාතුව ඉතා හොද තොරතුරු රැස් කරගැනීමක් සිදුකළ යුතුව ඇතැයි ඔහු පවසා තිබේ."ඔබලාට දත්ත නොමැති නම් ඔබලා සතුව සැබෑම සාක්ෂි නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ දත්ත රැස් කරමින් අපට අවසන් තීරණයකට යන්න පුළුවන්.” ෆවුසි සදහන් කර ඇත. පසුගිය සදුදා දිනයේදී එක්සත් ජනපදයේ රෝග පාලනය පිළිබද මධ්‍යස්ථානය මගින් පූර්ණ එන්නත්කරයක් සිදුකර ගත් පිරිස් වෙත තව උපදෙස් මාලාවක් නිකුත් කළ අතර, එහිදී එන්නත් ලබාගෙන ඇති පිරිස් වෙත මුඛ ආවරණ පැලදීමකින් තොරව එකිනෙකා හා හමුවීමේ අවස්ථාවක් ඇතැයි සඳහන් කර තිබුණි. එහෙත් එම පිරිස් වෙත සංචරණය සදහා අවස්ථාවක් ලබාදීමක් පිළිබඳ සඳහනක් එහිදී ඉදිරිපත් කර නොතිබුණි.