usa-moderna

ඇමෙරිකා එක්සත් ජනපදය එන්නත් නිෂ්පාදන සමාගමක් වන Modernaසමාගම සිය covid-19 මර්දන එන්නත දරුවන් සඳහා අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි පවසයි. ඒ අනුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මාස 6ක් අවුරුදු 11ත් අතර වයසේ පසුවන දරුවන් සඳහා එම එන්නත ලබාදීමට තීරණය වී තිබේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Moderna සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බාසෙල්. "අපගේ mRNA-1273 එන්නත එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිටින සෞඛ්‍ය සම්පන්න දරුවන් වන එන්නත් කිරීම ආරම්භ කිරීමට අපි සූදානමින් ඉන්න  බව පවසන්න කැමතියි." යනුවෙන් පවසා ඇත.මෙම වසංගතය හේතුවෙන් එක්සත් ජනපදයේ පාසල් තවමත් විවෘත කිරීමට නොහැකිවීමේ තත්වය යටතේ Moderna සමාගම මෙම එන්නත අත්හදා බැලීමට තීරණය කර ඇත එම සමාගමට අනුව මේ දක්වා එරට වැඩිහිටියන් මිලියන 17.8ක් සඳහා මෙම Moderna එන්නත ලබා දී තිබේ.ළමයින් සඳහා සිදුකරන මෙම අධ්‍යයනය මගින් අපට මේ එන්නතේ ඇති සුරක්ෂිත බව සහ එහි ප්‍රතිශක්තිකරණ හැකියාව ගැන දැනගන්න ලැබේවි. එය තරුණ වයසේ ජනගහනය වෙත ඉතාමත් වැදගත් දෙයක්." යනුවෙන් ප‍්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර තිබේ.පසුගිය දෙසැම්බර් මාසයේදී Moderna සමාගම සිය එනත වයස අවුරුදු 12ත් 18ක් වයසේ පසුවන තරුණ පිරිස් වෙත ලබාදීම සිදුකළේය. මේ අතර දකුණු අප්‍රිකාවෙන් හමුවුණු covid-19 නව ප‍්‍රභේදයට සාර්ථක වන වඩා වේගවත් එක් නිපදවා ඇති. බව පවසන එම සමාගම එයද ඉදිරියේදී අත්හදා බලන බව පවසා තිබේ.