vavunia-hospital

වවුනියාව මහ රෝහලේදී බිලිඳකු ඉපදී පැය හතරකින් මියගොස් ඇත්තේ රෝහලේ නාරි හා ප්‍රසව
වෛද්‍යවරයා විසින් දුන් උපදෙස් වාට්ටුවේ වෛද්‍යරවරයා හා කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාවට
 නැංවීමට පියවර නොගැනීම නිසා බව දරුවාගේ මව වවුනියාව  මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු
විභාගයේදී පැවැසුවාය.



2011 දෙසැම්බර් මස 14 වැනි දින තමන් දරු ප්‍රසූතිය සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් වූ බවත්
විශේෂඥ වෛද්‍යවරයා ලිඛිතව සඳහන් කොට තිබුණේ රෝගියාව සිසේරියන් සැත්කමකට භාජන කොට දරුවා
ලබා ගන්නා ලෙස වුවත් එම නිර්දේශයන් නොතකා වාට්ටුවේ වෛද්‍යවරයා හා කාර්ය මණ්ඩලය ඔෟෂධ
එන්නත් කොට සාමාන්‍ය දරු ප්‍රසූතියක් ලෙස දරුවා බිහි කිරීම නිසා තම දරුවා මිය ගිය බව කියමින් එම
නඩුව ගොනු කොට තිබිණි.

එම නඩුවේ අවසාන සාක්කි ලබාගැනීමේදී මව සාක්කි දෙමින් එසේ පැවැසූ අතර ඇය මෙම නඩුවේදී තම
දරුවා මියයෑම නිසා සාධාරණ වන්දියක් හා එම වෛද්‍යවරයා ඇතුළු පිරිසට ද¾ඩුවම් ලබා දෙන ලෙස
ඉල්ලමින් නඩුව ගොනු කොට තිබේ.

සාක්කි ලබා ගැනීමෙන් පසුව අදාළ නඩුව  ලබන ජූලි මස 27 වැනිදා දක්වා කල් තැබීමට
මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ