කොරෝනා ආසාදිතයකු වවුනියාව මහ රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත 24දා ගිලන් රථයකින්
ගෙන යමින් සිටියදී මියගොස් තිබේ. 



වයස අවුරුදු 82ක් වූ මේ රෝගියා මුලතිව් ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකි. ඔහු තාවකාලිකව වවුනියාවේ
වෙප්පන්කුලම ගම්මානයේ පදිංචිව සිට ඇත.

ඔහුට හදිසියේ වැලඳුණු ශ්වසන ආබාධයක් නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකළ
පී.සී.ආර්. පරීක්ෂණයකදී ආසාදිතයකු බවට තහවුරු වී තිබේ. මේ දක්වා වවුනියාවෙන් වාර්තා වන දෙවැනි
කොරෝනා මරණය මෙය වන අතර මියගිය පුද්ගලයාගේ ආදාහන කටයුතු අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතය.


වවුනියාව - රසාදි චතුරංගි ගමගේ