වියට්නාමය තුළ දේශීයව නිපදවූ COVID-19 මර්දන එන්නතක් මේ වසරේ සිවුවැනි කාර්තුවේදී පමණ ඉදිරිපත් කළ හැකිවනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි. ඒ අනුව ලබන වසරේ සිට එම එන්නත භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔවුන් සඳහන් කරයි. Nonocovax ලෙස මෙම එන්නත නම් කෙරි ඇත. මේ වනවිට එම එන්නත නිපදවීමේ කටයුතු වේගවත් කර ඇතැයි සෞඛ්‍ය අමාතයංශය සඳහන් කරයි.
විශේෂයෙන්ම දැනට ලොව පුරා පවතින එන්නත් සැපයුමේ සීමාසහිත බව සහ අලුතින් මතු වන covid-19 වෛරසයේ නව ප්‍රභේද වෙත පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් මෙම එන්නත හඳුන්වාදීම සැලසුම වී තිබේ.වාරිතාවලට අනුව වියට්නාමයේ ඖෂධ නිෂ්පාදන සමාගම් හතරක් දැනටමත් මෙම covid-19 මර්දන එන්නත් පිළිබද පරියේෂණ සහ ඒවා නිපදවීම සඳහා සම්බන්ධව සිටියි. ඒ අතරින් සමාගම් දෙකක් මේ වනවිට සිය එන්නත්හි සායනික අත්හදා බැලීම් සිදුකර තිබේ. Nanocovax එන්නතද ඒ අතර පවතී. අනෙක් එන්නත වන්නේ covivac නම් එන්නතයි.මේ අතර වියට්නාමය දැනටමත් AstraZeneca එන්නත එරට තුළ භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, පසුගිය මාර්තු 8ද. එරට තුළ එන්නත්කරණය ආරම්භ කෙරිණි. ඒ යටතේ මේ දක්වා 20,000කට අධික පිරිසකට එන්නත් ලබා දී ඇතැයි බලධාරීන් පවසයි. මේ අතර තවත් Astrazeneca එන්නත් 13ක් මෙම මාසය අවසන් වන විට වියට්නාමය වෙත ලැබීමට නියමිතව ඇතැයිද සඳහන් වෙයි.
0 Comments