46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල-2020 තරග ඇවිදීමේ තරගාවලිය (කාන්තා/පිරිමි) අද (27) දින කතරගම දී සාර්ථකව නිමාවට පත්විය. 


විවෘත තරග ඇවිදීමේ තරගාවලියේ පිරිමි ශූරතාව උතුරුමැද පළාත නියෝජනය කළ ඩී.එම්.අයි.එස්.සඳරුවන් ධනුකර ක්‍රීඩකයා විසින් දිනාගන්නා ලදි.
අනුශූරතාව  ඌව පළාත   නියෝජනය කළ ආර්.එම්.ඩී.රුක්මාල්  ක්‍රීඩකයා දිනා ගත්තේය.
තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ ටී.එස්.නිරෝෂන් අප්පුහාමි ක්‍රීඩකයා විසිනි.
තරග ඇවිදීමේ තරගාවලියේ කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ යූ.වී.කල්හාරි මදිරිකා ක්‍රීඩිකාව දිනාගත්තාය. එහි අනුශූරතාවය උතුරුමැද පළාත නියෝජනය කළ එල්.එම්.එම්.එස්. ජයරත්න  ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබුවාය.
තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ඌව පළාත නියෝජනය කළ ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති ක්‍රීඩිකාව විසිනි.

 

walk-event



walk-event