සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදු වන විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.ඒ අනුව විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශවකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වයන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,000ක් කිරීමට නිර්දේශ කර ඇත. 2015 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි. එසේම ගෘහ බලපත්‍රයක් මත විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 2,500ක් ලෙස සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබේ.එමෙන්ම විවාහ දැන්වීම භාරදී සම්පුර්ණ දින 12කට පෙර විශේෂ බලපත්‍රයක් මත පාර්ශ්වකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශවකරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ. 2015 සිට මේ දක්වා මේ සදහා අය කර ඇත්තේ රුපියල් 50ක මුදලකි. රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුවද රුපියල් 2,500ක් ලෙස වැඩි කිරීමට නිර්දේශ කර ඇත.
විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඒ සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500ක් ලෙස සංශෝධනය කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ. 2015 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි.
එසේම එම අවස්ථාවේදී විවාහ රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 3,500ක් ලෙස සංශෝධනය කිරීම සුදුසු බවද නිර්දේශ කර ඇත.විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12කට පෙර විශේෂ බලපත්‍රයක් මත උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වකරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500ක් ලෙස වැඩි කිරීමටත්, රෙජිස්ට්‍රාර්වරයාගේ ගාස්තුව රුපියල් 3,500ක් කිර්මටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව දේවස්ථානයකදී සිදු වන විවාහයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමේදී අයකරනු ලැබූ රුපියල් 750ක මුද්දර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් නිර්දේශ කර ඇත.විවාහ දැන්වීම් භාරදී සම්පුර්ණ දින 12ක් ගත වූ පසු රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයට පැමිණ සිදු කරන සාමාන්‍ය විවාහ හා විශේෂ බලපත්‍ර විවාහ ගාස්තුවල වෙනසක් සිදු කරනු නොලබන බවද දන්වා ඇත
(නවෝද්‍යා පවනි).
0 Comments