wellawaya-kid-death

පෙර පාසල නිමාවී දරුවන් ගෙන යමින් සිටි වෑන් රථයක ‍ෙදාර විවෘත වීමෙන් රථය තුළ සිටි දරුවකු ඇද
වැටී මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.



ඇල්ල-වැල්ලවාය මාර්ගයේ හුනුකැටිය හන්දිය ආසන්නයේ දී ඊයේ (25දා) දහවල් 12.55ට පමණ මෙම
අනතුර සිදුවී මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව, උෟව කරඳගොල්ල ඇල්ල ලිපිනයේ පදිංචි වනිගසූරිය
මුදියන්සේලාගේ අනුහස් නමැති පස් හැවිරිදි දරුවෙකි.

වෑන් රථයෙන් ඇද වැටුණු දරුවා එම වෑන් රථයේම රියැදුරු වැල්ලවාය රෝහලට ගෙන විත් ඇති අතර ඒ
වන විටත් දරුවා මියගොස් සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු හා වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලිස්
ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්
පරීක්ෂණ සිදුකෙරිණි.

මෙම පෙර පාසල ඇල්ල පාර, කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර බොහෝ දරුවන් එම පෙර
පාසලට එන්නේ මෙම වෑන් රියෙන් බවද කියයි.



මියගිය දරුවාගේ පියා හමුදාවේ රැකියාව කරන අතර තවත් කුඩා දරුවකුද ඔහුට සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ශන කළ වැල්ලවාය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්‍ෂක බුද්ධික මහතා සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පොලිසිය හමුවේ පවසන්නේ වෑන් රිය ඒ මොහොතේ කන්දක් සහිත පාරක ගමන් කරමින් තිබියදී මෙම
දරුවා හදිසියේ වෑන් රියේ ‍ෙදාර විවර කරන්නට ඇති බවය. එහෙත් පොලිසිය සැකකාර රියැදුරා
අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇත. සැකකරු අද (26දා) වැල්ලවාය
මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැල්ලවාය පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


වැල්ලවාය - ජී.අයි. රොෂාන්