බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි ආරම්භ කරන දිනය ඉක්මන් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව මීට ඉහත නිවේදනය කර තිබුනේ අප්‍රේල් 19 වනදා සියලු ශ්‍රේණි අරඹන බව වුවත් නව දිනය වන්නේ ලබන සතියේ සඳුදා එනම් මාර්තු 29 වනදාය.
රජය මෙම තීරණය ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.
බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ වී තිබෙන අතර සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමට සිංහල අවුරුදු නිවාඩුවෙන් පසු නියමිතව තිබුණේ අප්‍රේල් මස 19 වනදායි. නමුත් කිසියම් හේතුවක් මත එය ඉක්මන් කර ඇත.
බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව සහ එමෙන්ම බස්නාහිර පළාතේ පෙර පාසැල් ද ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් මහතාද දහවල් තහවුරු කර ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව සැලසුම් කළ දිනයට සති තුනකට පෙර පාසල් ආරම්භ වනු ඇත.
0 Comments