ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය එරට ස්පේස්එක්ස් සමාගම හා එක්ව පසුගිය 22 දිනයේදී ගගනගාමීන් සිවුදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Iss) වෙත පිටත් කර හැර යවන බව පවසා තිබේ.
මෙහිදී එම ගගනගාමින් රැගත් කැප්සූලය ස්පේස්එක්ස් සමාගම මගින් හඳුන්වාදී ඇති යළි යළිත් භාවිත කළ හැකි රොකට්ටුවක් වීම මෙහි ඇති විශේෂයයි. මෙලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන ගගනගාමින් අතර යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ තෝමස් පෙස්කුවෙට්, නාසා ගගනගාම් ෂින් කිම්බ්රෝහ් සහ ගගනගාමිනී මේගෙන් මැක්ආතර් සහ ජාපාන අභ්‍යවකාශ ඒජන්සියේ අකිහිකෝ හොලිඩේ යන අය වෙති.
බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවේ පිහිට් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඔවුන් පිටත්වීමට සුදානමින් සිටියි. මෙම ගමනත් සමග ස්පේස්එක්ස් රොකට්ටු මගින් නාසා ආයතනය වෙනුවෙන් ගගනගාමින් කණ්ඩායම් තුනක් සඳහා පහසුකම් සලසා දී තිබේ.
නාසා ආයතනය සිය ෂටල මෙහෙයුම් අහිටුවීමෙන් අනතුරුව රුසියාවේ සොයුස් රොකට්ටු යොදාගෙන මෙම කණ්ඩායම් ජාත්‍යත්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කළත් පසුව වඩාත් ලාභදායී ලෙස එය සිදු කිරීමේ අරමුණින් පෞද්ගලික සමාගමක් වන ස්පේස්එක්ස් යොදාගෙන එය සිදුකිරීමට පියවර ගෙන තිබුණි. එහිදී මෙම ගමන් රුසියාවේ දායකත්වයෙන් තොරව සිදු කිරීමත් ඇමරිකාවේ එම තීරණයට හේතු විය.
0 Comments