ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එහි සංවිධායක වශයෙන් තමන් ගැටලු රාශියකට මුහුණදුන් බව මිස් වර්ල්ඩ් ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.


කැරොලින් ඇති කළ වෙනසින් පසු රූප රැජිනිය තේරීම වෙනුවෙන් උත්සවයට පැමිණි අය කෝපයට පත්වී සිදු කළ අලාබහානි පැවති බවත් වේශ නිරූපන කාමරවල, මෙන්ම වේදිකාවේද කඩතොළු මතුවී ඒවාට අලාබ ගෙවන්නට සිදුව ඇතැයි දන්වා සිටියේය.
නෙළුම් පොකුණ රඟහල පාලනාධිකාරිය මෙම අලාභ හානි ගැන දැනටමත් වාර්තාවක් සකස් කර ඇති බවත් ඊට අමතරව මෙම උත්සවයේ අග කලහය නිසා වැඩි වේලාවක් පිරිස රැඳී සිටීම නිසා වෙන් කළ වේලාව තුළ අවසන් කරන්නට බැරිව යාමෙන් විදුලි ආලෝකය, වායු සමකරණ ආදී උපාංග වෙනුවෙන් අමතර මුදලක්ද පාලනාධිකාරිය ඉල්ලා ඇති බවත් මේ සියල්ල ලක්ෂ 5 කට වඩා අමතර වියදමක් බවත් ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.