අදින් වසර 6,000කට පමණ පෙරාතුව නව ශිලා යුගයේදී බ්‍රිතාන්‍ය තුළ විසූ ජනතාව ලුණු නිෂ්පාදනය කර එම ලුණු ගබඩාකර තබා ගත් බවට අලුත්ම සාක්ෂි හමුව ඇතැයි යෝර්ක්ෂයර්හි  පිරිසක් පවසති. එරට උතුරුදිග යෝක්ෂයර්හි ගොවිපොළක් ආශ්‍රිතව සිදු කළ කැනීමකදී මෙම සොයා ගැනීම සිදු කර තිබේ.  ඒ අනුව ක්‍රි.පූ. 3800 පමණ කාලයේදී මෙම ලුණු මිනිසා විසින් නිෂ්පාදනය කර ගබඩා කර තබා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව පර්යේෂකයන් සදහන් කරයි.  






මෙම සොයා ගැනීම් අතර උදුන් තුනකින් සමන්විත අගද පවතී. එසේම නවශිලා යුගයට අයත් මැටි භාණ්ඩ කොටස් කිහිපයක්ද හමුව ඇති අතර, ඒවා තුළ තැන්පත්ව තිබූ ලුණුද සොයාගෙන තිබේ. ඒ අනුව එම යුගයේදී මිනිසා ලුණු සැකසීමේ යෙදී සිටි බවට මෙය කදිම සාක්ෂියක් බව පර්යේෂකයෝ පවසති.  මීට පෙර බ්‍රිතාන්‍ය තුළදී හමුවුණු පැරණිතම ලුණු නිෂ්පාදන පරිශ්‍රය ක්‍රි.පූ.1400 පමණ කාලයට අයත්ව තිබූ බවට වාර්තාවල සටහන්ව තිබේ. මීට පෙර නවශිලා යුගයට අයත් ලුණු පතල් යුරෝපයේ රටවල් කිහිපයකදීම හමුවී තිබුණත් බ්‍රිතාන්‍යයන්  එවැන්නක් හමුව නොතිබුණි.