ඊශ්‍රායල රජය විසින් එරට ජනතාව වෙත ලබා දීම සඳහා විවිධ සමාගම් හරහා මිලදී ගැනීමට ඇනවුම් කළ 

AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 10ක් ආපසු හරවා යැවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව බොහෝ විට මෙම එන්නත් විනාශ කිරීමට හෝ ඒවා අවශ්‍ය වෙනත් රට වෙත යැවීම හෝ සිදු වෙනු ඇතැයි සඳහන් වෙයි. මේ වනවිටත් ඊශ්‍රායලය තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා Pfizer සහ Moderna එන්නත් රට වෙත ලබා ගැනීමට සමත්ව සිටියි. මේ අතර AstraZeneca එන්නත සම්බන්ධයෙන් පවතින රුධිර කැටිති ඇතිවීමේ අවදානමද ඊශ්‍රායලයේමෙම තීරණයට බොහෝ දුරට හේතු වී ඇතැයි අදහස් පල වී තිබේ.