Rozanne-Diasz-speaks
අද අපිත් එක්ක එකතු වෙන්නේ රට වෙනුවෙන් ගොඩක් දෙවල්  කරපු කෙනෙක්. ජනප්‍රිය වෙන තරමට miss sri lanka title එක වටිනවා. එයා ඔක්කොම කර ගත්තේ beauty , fashion industry පැත්තෙන් විතරයි. අද වෙනකන් හිනා වෙලා ලස්සනට ඉනන්වා. මේ Rozanne Diasz.





ඒ කාලේ කවුරුත් ගත්තේ නැ නේද ඔයාගේ crown එක?
නෑ ගලවන්න අවස්ථාවක් ලැබුනේ නැ කටවත්. මම නම් ගලවන්න දෙන්නෙත් නැ..

මේ දවස් වල beauty pageants තමයි ලංකාවේ මුලපිට තියන්නේ ප්‍රවෘත්ති. BBC වෙනකන් ගිහින් තියෙනවා. ඔයා 2005 දින්නා. ඒ දවසේ ඉඳන් අද වෙනකන් ගොඩක් දේවල් මාරු වෙලාද ?කොහොමද මේ beauty industry , beauty pageant industry එක?

ඒවා මාරු වෙලාද කියනවට වඩා  මම කියන්න කැමති ගොඩක් දේවල් එලිවෙට් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් ආපස්සට ගිහිල්ලත් තියෙනවා. එත් ගොඩක් ආපස්සට ගිහිල්ලා තියෙනවා quality එකෙන්. quantity එකෙන් වැඩිවෙලා quality එකෙන් බැහැලා තියෙනවා. ඒ කාලේ miss sri lanka ලා දෙන්නයිනේ හිටියේ. දැන් පඳුරට පයින් ගැහුවත් විසිවෙනවා.. miss sri lanka . ළමයින්ට දොස් කියන්න බැහැ. pageants තියෙන නිසානේ එයාලා සහභාගී වෙන්නේ.. මට හිතෙනවා අපි regulation එකක් තිබ්බොත් හොඳයි කියලා. අපි කියන දේ ඒ කාලේ ඇහුවා නම් මේ තත්ත්වේ උදා වෙන්නේ නැ. shows නම් ලස්සනට කරනවා.but ඊටපස්සේ contestant වෙන දේ ගැන හිතන්නේ නැ ගොඩක් අය. glorify වෙලා stage එකක එයාව crown කරලා ඊටපස්සේ සමහරවිට එයා airport එකට යන්නේ තනියම. සමහර විට visa හම්බ වෙන්නෙත් නැ. අමාරු කර්තව්‍ය කරන්න ඕන ඇය තනියම. හැබැයි ඉස්සර නම් එහෙම නෙමෙයි. මම දින්නේ 2005.මම යද්දි ගොඩක් අය විශ් කරා. මට sponsorships ලැබුනා. මම හිතන්නේ එකට personal contacts එහෙමත් තියෙන්න ඕන. තමන්ගේ personality එකත් එකට බලපානවා. මම හිතන්නේ එතනදි give and take කියන policy එක ගොඩක් වැදගත් වෙනවා. එක ගොඩක් බලපානවා.

Rozanne Diaszට ගොඩක් opportunities ආවා mrs sri lanka කරුණා කරලා යන්න යන්න කියලා වද දුන්නා ඔයාට. කෙට්ටු වෙන්න කියලත් කිව්වා මිනිස්සු. ඇයි ඔයට එකට ආසාවක් තිබ්බේ නැත්තේ?
 මෙහෙමනෙ. එක ඔළුවයි තියෙන්නේ...crown කියක් දගන්නද?ඉතිං එකක් ඇති. මම හිතනවා එකක් හරියට කරොත් එක ජිවිත කාලය පුරාවටම තියාගන්න පුළුවන්. මට මගේ crown එක ගෙදර තියා ගන්න ලැබුනා.. මගේ crown එක කරේ මල්ලිකා හේමචන්ද්‍ර. මගේ pageant එකත් තිබ්බේ අවුරුදු නමයක් pageant එක තියන්නේ නැතුව. ඉතිං උණු උණුවෙන්ම තිබ්බ crown එකක් තමයි මට ලැබුනේ.

හැබැයි දැන් ගමුකෝ ඔය පොඩි  palace shops තියෙන්නේ.. ඔන්න එතන තියෙනවා crowns ගන්න පුළුවන් රුපියල් 1500කට. ඕවා තමයි දැන් ගොඩක් කට්ටියට දාන්නේ.. එක හරිද?

mini titles දහයක් දොළහක් දෙනකොට pageants මෙච්චර ගොඩක් තියෙනකොට කෙහොමද crown එකට විතරක් එච්චර ගානක් දෙන්නේ?


මේ දවස් ටිකේ modeling industry එක ගත්තොත් එකට තියෙන ඒ ආදරය කවදාවත් අඩු වෙලා නැ. ඉතිං මේක ලස්සන රස්සවක්.ලස්සනට අඳින්න පුළුවන්. එක fantasy ජිවිතේ තමයි තියෙන්නේ. හැබැයි ඔතනට එද්දී හැමෝටම chances නැ. හැබැයි එක ඇත්ත කියලා බලලා හරි ඔයාගේ ඇඟේ ඒ talent එක තියෙනවා කියලා හරි ඔයාගේ ඇඟ හදලා ගන්න පුළුවන් කියලා එයාව ගත්තොත් ලේසි නැද්ද නිකන් ඔයාත් එන්න ඔයාත් එන්න කියලා නිකන් school පටන් අරගෙන 600ක් විතර දාලා එකෙන් දෙන්නෙක්වත් ගන්න බැනේ photoshoot එකකට.

මෙහෙමය. ගොඩක් අය එන්නේ මෙකට තියෙන ආසාවට තමයි. මේ industry එකේ glamour එකයි මුදලුයි ,ජනප්‍රියත්වයයි මේ හැදදේම තියෙනවා. දැන් social media එක්ක ගොඩක් අය කැමති එක රැයකින් ජනප්‍රිය වෙන්න. මගේ පාසලට වුනත් ගොඩක් අය ආවා. නමුත් මොළයක් තියෙන කෙනෙක්ට තේරෙනවා මට මෙකේ යන්න පුළුවන් දුර මෙච්චරයි මට කරන්න පුළුවන් දේ මෙච්චරයි. මින් එහාට මගේ talent එකවත් capability එකවත් නැහැයි කියලා. ඉතිං එ ළමයා  industry එකේ රැඳෙන්න ඕන නිසා photography පැත්තට presenting  පැතත්ට නැත්තම් acting පැත්තට මොකක්හරි එයා මේ filed එකට තියෙන ආදරයට මොකක්හරි පැත්තක් හොයාගෙන යනවා. එහෙම අයව මම guide කරලා තියෙනවා ගොඩක්. මම මගේ පාසල තුලින් කරේ එයාලාව guide කිරීමක්. එයාලාගේ සිහින බිඳින්නේ නැතුව. දැන් ගොඩක් අය මගේ පසලෙන් හොඳ executives ලා වුනා personality එක develop කරගෙන. එයාලා airlines join වුනා. රඟපාන්න පටන් ගත්තා. එක එක fields වලට ගියා.ඔය ඔක්කොම ළමයින්ගෙන්ම දහදෙනෙක් හොඳ models ලා වෙයි. දිර්ඝ කාලයක් ඉන්න models ලා වෙයි. අනිත් අය එයලාගේ personality එක develop කරගනි. ඉතිං හොඳ ගුරුවරු හැටියට හොඳ මඟපෙන්වන්නන් හැටියට අපි එයලාට කියන්න ඕනේ මේක ඔයාට සුදුසු නැ ඔයා මේක කරන්න. ඉතිං මම හිතන්නේ එක ගුරුවරයගේ අතේ තියෙන්නේ.

එක show එකක් ගත්තොත් ගොඩක් කැපිලි තියෙනවානේ. හරි විදියටද ඔක්කෙමටම title එකක් හම්බ වෙන්නේ?සල්ලි ගෙවලා crown එකක් ගන්න පුළුවන්ද?
depends on the national director. මම වැඩ කරලා තියෙන the national directors ලාත් එක්ක සල්ලි තියා කිසිම bribe එකක් දෙන්න බැ. නමුත් දැන් තියෙන pageants ගත්තා නම් national director බලන්න ඕන කොයිවගේ කෙනෙක්ද කියලා. ඒ පුද්ගලයා දිහා බලලා තමයි තීරණය කරන්න ඕන මේ pageant එක කොයි වගේ මට්ටමක තියෙයිද කියලා. දැන් ඉතිං ඕන දෙයක් self study කරන්න පුළුවන්නේ.. හැමෝටම මොළයක් කියලා දෙයක් තියෙනවනේ.. එක පාවිච්චි කරන්න ඕන. අනික past winners ලා past contestants ලාගෙන් අහලා දැනගන්න මොකද්ද මේ pageant එකෙන් ලැබුන දේ නොලැබුන දේ. අනති අයගේ mistakes වලින් තමන් ඉගෙන ගන්න.



දැන් Rozanne Diasz කියන කෙනා ගොඩක් දේවල් කරලා තියෙනවා.රඟපාලා තියෙනවා.ඔක්කොම පටන් ගත්තේ modeling කියන ආසාව හින්දා.. දැන් ඔක්කොමලා දන්නවා ළඟදි වෙච්ච දේ. crown එක ගලවලා අයිමත් දාලා ගලවලා දැම්මා. මෙකේ ඔයාගේ view point එක මොකද්ද?
මම ඇත්තටම view එකක් දෙන්න කැමති නැ  මොකද කවුරු දින්නත් එතනදි මගේ පුද්ගලික දෙයක් තිබ්බේ නැති නිසා ඒ කාත් එක්කවත්.. නමුත් කවුරු ඒ stage එකේ හිටියත් එක සීලාචාර දෙයක් නෙමෙයි කියන තැන තමයි මම ඉන්නේ. crown එක ගලවන තැන ඒ පුද්ගලයා හිටියනම් ඒක නෙමෙයි අවස්ථාව කියලා මම හිතන්නේ. crown කරන්න කලින් පැජනට් එකට කලින් උදේ වරුවේ තිබ්බා ගොඩක් කල් තිබ්බා කියලා තමයි මම හිතන්නේ. සුදුසු නැහැ කියලා හිතනවා නම් executive powers use කරන මොහොතක් කියලා තමයි මම හිතන්නේ ඒ අවස්ථාවේ.


ඔයා crown එකක් ඇඳලා තියෙනවනේ ගොඩක් අවුරුද්දක් විතර ඇන්දානේ. ඕක ගලවනකොට තුවාල හැදෙන්න පුළුවන්ද?
ඒ අවස්ථාවේ හැටියට තමයි ඒ ප්‍රශ්නේට උත්තර දෙන්න පුළුවන්.මම crown එකක් ඇඳලා කවුරුත් මගේ crown එක උඳුරලා ගලවලා නැ.මට එකට උත්තර දෙන්න බැහැ ගලවපු විදිය. අනික එක අහම්බෙන් ගත්ත එකක් නේ.. කියලා ගලවපු එකක් නෙමෙයෙිනේ. අනිත් එක hair spray ගාලා කොණ්ඩ set කරලානේ තියෙන්නේ. එකෙන් ඇඳලා ගැලෙව්වාම ඉතිං රිදෙනවා.. අනිත් එක තමයි ඒ crown එක හරි බරයි. අපි ඇඳපු crowns ඇවිල්ලා පොඩි crowns. එත් මේක දැක්කාම පේනවා හෙන විශාලා crown එකක්.

crown එක ගලවන්න දෙන්නෙක් ඕනද?
ගලවන්න නම් දෙන්නක් අවශ්‍ය නැහැ.  එක collecting decision එකක්නේ.. අත් දෙකක් ඇති එක ගලවන්න. අවුරුදු 15කට 20කට කලින් තිබුන පැජන්ට්ස් නෙමෙයි දැන් තියෙන්නේ. ඉතිං එක නිසා මට එක ගැන ලොකු විස්තරයක් කරන්න බැහැ. අපි පැජන්ට්ස් කරනකොට ගොඩක් contentsලා decision respect කරා. දැන් මම හිතන්නේ ඒ respect  එක නැ මම හතන්නේ. අනිත් එක කරන්න ඕන කෙනා නෙමෙයි job එක කරන්නේ. සමහර වේලාවට මගේ job එක මම කරන්නේ නැතුව වෙන කවුරුහරි කරනවා.

දැන් ඔයා හොඳට සිංහල කතා කරනවා, ඉංග්‍රිසී කතා කරනවා.. ඉංග්‍රිසී කියන දේ අනිවාර්යෙන් ඕන දෙයක්ද?
මම හිතන්නේ ඉංග්‍රිසී කියන එක advantage එකක්. හැබැයි එක necessity එකක් නෙමෙයි. communication එක කරගන්න පුළුවන් නම් එක ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය එක නිසා පස්සට යනවා නම් එක වැරදියි. මොකද එතකොට ඒ opportunity එක ලැබෙන්න  තියෙන අයට එක ගොඩක් සීමිත වෙනවා. ඉතිං මට හිතන්නේ දක්ෂතාවයට එන්න පුළුවන් නම් ඉංග්‍රිසි කියන එක ගැටළුවක් නෙමෙයි. national director දැනගන්න ඕන පැජන්ට් එකට යන්න මාසෙකට දෙකකට කලින්නේ ඔය සමාන්‍යයෙන් local pageant එක තියන්නේ. එතාකෙට එයාව guide කරනන් පුළුවන් නම් ඉංග්‍රිසී බැරි නම් එයාව පොඩ්ඩක් polish එකක් දෙන්න පුළුවන්නේ. දක්ෂතාවය තියනවා නම් ඕනම තැනක රට නියෝජනය කරන්න යන්න පුළුවන්.

රෝසැන් කියන personality එක  කොහොමද හදා ගත්තේ?
මම ඉස්කොලේ යන කාලේ basketball player කෙනෙක්. මම කොල්ලෝ දෙන්නේක් මැද ඉන්න කෙල්ලෙක් පවුලේ. මම හැසිරුණේ හිටියේ boy කෙනෙක් වගේ. මාව වෙනස් කලේ ගොඩක් සේනක ද සිල්වා. හැබැයි තාමත් මට ඒ ගතිගුණ තියෙනවා. නමුත් camera එකක් ඉස්සරහා දැම්මොත් හරි stage එකක් ඉස්සරහා දැම්මොත් හරි එකපාරට මාව change වෙනවා. දැන් සාරියක් ඇන්දොත් මම සාරියට ගැලපෙන විදියට තමයි ඇවිඳින්නේ. එක මට ඇතුලෙන්ම එන දෙයක්.
මට යම් කිසි job එකක් පෙනි පෙනි තියෙනවා නම් මම කාටවත් එක කියන්න කලින් මම එක කරන්න තමයි පෙළඹෙන්නේ. අපි පොඩි කාලේ ඉඳලාම අපේ දේවල් තනියම තමයි කරගත්තේ.  දැනටමත් මම මගේ දුවව train රන්නෙත් එහෙමයි. තමන්ගේ දේ responsibility එකක් විදියට අරගෙන තමන් තමන්ගේ දේ කරගත්තොත් හොඳයි එක. මම මගේ show එකක් නොවෙන්න පුළුවන් සමහරක් විට මම යන්නේ පොඩි කොටසකට වෙන්න පුළුවන් එත් මම හිතන්නේ නැ මේක මගේ වැඩක් මගේ part එක මම ලස්සනට කරොත් output එක සම්පුර්ණයෙන්ම ලස්සන වෙනවා මුළු production එකේම.