බංගලාදේශය තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණය සඳහා යොදාගැනීමට අවශ්‍ය එන්නත් සැපයීම සඳහා රුසියාවේ Sputnik-V එන්නත බංගලාදේශය තුළ නිපදවීම සම්බන්ධයෙන් දෙරටේම අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. රුසියාව මගින් සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව, බංග්ලාදේශයේ දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් හරහා එම එන්නත් නිපදවීම සැලසුම වී තිබේ. මෙම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මොමෙන්,
"අපි දැනටමත් මේ සහයෝගිතාව සම්බන්ධව රුසියාවත් සමග එකගතාවකට පත්වෙලා තිබෙනවා. නමුත් එහි අවසන් තීරණයකට තවම පිවිසුණේ නැහැ.” යනුවෙන් පවසා තිබේ.විශේෂයෙන්ම රුසියාව තුළ මෙම එන්නත් නිපදවා බංග්ලාදේශය වෙත අපනයනය සඳහා ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් රුසියාව තුළ නොමැති වීම මෙම යෝජනාව සදහා හේතුව වී තිබේ.
මෙම යෝජනාවට අනුව රුසියාව මගින් බංගලාදේශ ඖෂධ නිෂ්පාදන සමාගම වෙත අදාළ Sputnik-V එන්නත් නිපදවන තාක්ෂණය ලබාදෙන බව පැවසෙයි.බංගලාදේශය මේ දක්වා ඉන්දියාවේ Serum Institute මගින් නිපදවන COVISHIELD එන්නත එරට ජනතාව වෙත ලබා දී තිබුණි. එහෙත් ඉන්දියාවත් මේ වනවිට එන්නත් හිගතාවකින් පෙළීම නිසා බංගලාදේශය මෙම පියවර වෙත යොමුව තිබේ.
0 Comments