accidents-three

ඊයේ අළුයම 4.00 ට පමණ කෑගල්ල පොලිස් වසමේ කොළඹ - නුවර මාර්ගයේ අඹන්පිටිය ප්‍රදේශයේදී නුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39 ක් වූ වට්ටපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කෑගල්ල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.



ඊයේ දහවල් 2.00 ට පමණ හැටන් පොලිස් වසමේ කොටගල හැටන් මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී හැටන් දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරී රථයේ ගැටීමෙන් මාර්ගයේ පෙරලීගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකරු හා පසු පැදිකරු දිග්මය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 25 ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දික්කය
රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.



ඊයේ සවස 4.20 ට පමණ කහවත්ත පොලිස් වසමේ කහවත්ත ඕපනායක මාර්ගයේ කටිංගේ ප්‍රදේශයේදී කහවත්ත දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරී රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු කහවත්ත රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 80 ක් වූ රක්වාන ප්‍රදේශයේ පදිංවි ලොරි රථ රියදුරුගේ මව වන අතර මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.