asela-gunawardane

ඔක්සිජත් හිගයක් ඉන්දියාවේ මෙන් ලංකාවේ ඇති නොවන බවත්, නව ඔක්සිජන් සිලින්ඩර් 400ක් අද (28) දිනයේදී ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසිය.  කොරෝනා ආසාදිතයගේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍යතාව දෙගුණයක් වීම නිසා මෙම ඔක්සිජන් සිලින්ඩර ඇණවුම් කළ බව ද ඔහු සඳහන් කළේය.  කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍ය තරම් ඔක්සිජන් තිබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.



කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිගයක් ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවද ගුණවර්ධන මහතා පැවසීය.  ඉදිරියේ දී ඔක්සිජන් හිඟයක් ඇති වුවහොත් එයට මුහුණදීමට පිළියමක් ලෙස සැපයුම්කරුවන් හා සම්බන්ධ වෙමින් අදාළ කටයුතු සැලසුම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. වර්තමානයේදී රෝහල් ගතකරන කොරෝනා රෝගීන් බහුතරයකට හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මතුවීම හේතුවෙන්  වෙනදාට වඩා ඔක්සිජන් අවශ්‍ය වන බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.  

කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳද පිරී ගොස් ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කරයි. "  එක්මෝ" යන්ත්‍රයක් අවශ්‍ය, කොවිඩ් ආසාදිත ගර්භණී මවක් දැඩිසත්කාර ඒකකයක සිටින අතර මෙරට “   එක්මෝ" පහසුකම් පවතින්නේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණක් බවද වාර්තා වේ.


-තරංගනී ෆොන්සේකා-