ලංකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය බ්‍රිතාන්‍යයේ වේගවත් පැතිරීමක් ඇතිකළ B117 ප්‍රභේදය බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද දින ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කළේය. ඒ පහත පරිදිය.
දැනට කොරෝනා වෛරස් ප්‍රභේද 5 ක් ලෝකයේ ව්‍යාප්ත වෙනවා. බ්‍රිතාන්‍ය ප්‍රභේදය, දකුණු අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය, කැලිෆා්නියානු ප්‍රභේද දෙකක් තිබෙනවා. මේ සියල්ල දරුණුයි පැතිරීම වැඩියි.
නිව්මෝනියාව සැදී මියයාම මෙහි භයානකම තත්වයයි.
මෙය පාලනයට රටේ ප්‍රබල ලොක්ඩවුන් එකක් අවශ්‍යද?
ලොක් ඩවුන් එකකින් ජනතාව විනයානුකූල හැසිරීමක් බලාපොරොත්තු වෙනවා.. එය වෛරසය පාලනයට හොදයි. ආර්ථිකයට බලපෑම වැඩී.ඒ නිසා ඒක ලේසි නැහැ.මෙම වෛරසයේ බෝවීම වැඩි නිසා අප දැනටමත් ප්‍රදේශ ලොක් ඩවුන් කර අවශ්‍ය පියවර ගෙන තිබෙන නිසා එය ප්‍රමාණවත් බවයි මගේ අදහස.
බ්‍රිතන්‍ය වෛරසය ආවෙ කොහොමද?
එංගලන්තය සමග අප ළගින් වැඩ කරන නිසා නව වෛරසය ගැන දැනගත් පසු ලංකාවෙ 6 දෙනෙකු ඒ සම්බන්ධ සොයාගත් පසු ඒ ගැන සැලකිලිමත් වුණා. පැතිරීම ඇති නොවෙන්න උපදෙස් දුන්නා. නමුත් අප දන්නැහැ මේ නව වෛරසය කොහෙන් ආවද කියලා.
කාලගුණ වෙනස මෙම විකෘති වලට බලපානවද?
මෙම විකෘති සදහා කාලගුණය බලපාන්නෙ නැහැ.
වාතයෙන් බෝවීම සිදුවන්නේ කොහොමද?
මේ කොරෝනා ස්වසන පද්ධති අශ්‍රිත රෝගයක්. මේ නිසා පර්යේෂණ අනුව පෙනී යනවා වාතයෙන් පැතිරීමට හැකි බව. නමුත් එයින් අදහස් වෙන්නැහැ එළිමහනක සිටි පමණින් බෝවෙන බව. සමහර විට ආසාදිතයෙකු කහින කොට ඒ අසළ සිටීම ආසාදිතයින් සිටින තැනක වායුසමීකරණ යටතේ සිටීම වැනි අවස්ථා තමයි අවදානම වන්නේ. මෙම ගැටීම කලාතුරකින් සිදුවන්නේ.නමුත් දැනට නිර්දේශ කරන්නේ එම අවස්ථා මග හරින ලෙස.
අපේ ඉදිරියට පැමිණෙන්නට නියමිත එන්නත් වලින් නව වෛරසයට ආරක්ෂාව කොහොමද?
අපට දැන් පවතින වෛරස් කාන්ඩ වලට එන්න තිබෙන සහ දැනට භාවිතා කළ එන්නත් වලින් ආරක්ෂාව ලැබෙන බව කිව හැකියි. පර්යේෂණ මගින් බ්‍රිතාන්‍ය ප්‍රභේදය වළකන්න පුළුවන් බව කියා තිබෙනවා.
චීන එන්නතින් සියයට 62 ක ආරක්ෂාවක් තමා ලැබෙන්නෙ බව බ්‍රසීලය කියල තිබෙනවා?
ඒක ඉතා හොද අගයක් මම කියන්නෙ සියයට 50 ට වැඩි නම් මේ වගේ පැන්ඩමික් එකකදි ඒක වටිනවා.
බ්‍රිතාන්‍ය කාණ්ඩය ලංකාවෙදි කොහොම හැසිරෙයිද?
එංගලන්තයේ මුලදි නරක විදිහට හැසිරුනා. ඒ රටේ මාස 3 ක් යනවිට පාලනයෙන් ගිලිහුණා.මාස 3 ක් යද්දි දරාගන්න බැරි තත්වෙට ආවා. ලංකාවෙ ජනතාව ස්වයං විනයකින් කටයුතු කළ යුතු වෙනවා.
තවත් සාම්පල මගින් මේ ගැන පරීක්ෂණ කරනවද?
මේ වනවිටත් අප පරීක්ෂණ කරනවා. ලංකාව පුරාම තවත් සාම්පල මගින් සතියකින් ප්‍රතිඵල දෙන්න අප බලාපොරොත්තු වෙනවා.
0 Comments