කොළඹ 07, රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධුරයේ කටයුතු කළ තමා දේශපාලන බලපෑම් මත, නීතියට පටහැනි ලෙස අධ්‍යපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ධුරයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් තරමින්, එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) තීන්දු කළේය. අත්‍යවශ්‍ය සහ සැබෑ කරුණු සඟවමින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට පෙත්සම්කරු උත්සාහ කර ඇති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දමා ඇත.
සිසිර ද ආබෘ, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය දුන්නේය. පෙත්සම්කාර පාර්ශ්වය පෙත්සම සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කර ඇති බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ විරෝධතාව දක්වමින් කියා සිටියාය. එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන්නැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය. එම කරුණ පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීය.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඩී.ඒ. අබේරත්න මහතා ගොනුකළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, එම අමාත්‍යාංශ අතිරේක ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති හා සාමාජීකයන්, නීතිපති ඇතුළු 19 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ. වසර පහක් පුරා රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධුරයේ කටයුතු කරමින් සිටියදී දේශපාලන බලපෑම මත සිදු කළ ස්ථාන මාරුවීම අත්හිටුවන්නැයි ඉල්ලා රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පාර්ශ්ව කරුවන් අභියාචනාධිකරණය හමුවට පෙත්සම් 18 ක් ඉදිරිපත් කර එම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් පියවර නොගැනීමට එකගතාවක් ඇති කර තිබියදී, දේශපාලන බලපෑම මත අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.
එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් , තම ස්ථාන මාරුවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරි තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සාලිය පීරිස් , තනුක නන්දසිරි , සරින්ද ජයවර්ධන යන නීතීඥවරු පෙනී සිටියහ . නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විෂ්චිකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
-තිළිණි ද සිල්වා-
0 Comments