කොවිඩ් ආසාදිතයින් 142 කට අධික ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බිංගිරිය, විලත්තව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගළුම් කර්මාන්ත ශාලාවක් වසා දමන ලෙස එම කර්මාන්ත ශාලාව අසලට එක්වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටීමත් සමඟ එහි දැඩි උණූසුම් තත්ත්වයක් ඇති වී තිබෙයි.
පසුගිය දින කීපය තුළම මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත්,කර්මාන්ත ශාලාව වසා නොදමා තවමත් පවත්වා ගෙන යාම තම්නගේ සෞඛ්යාරක්සාවට තර්ජනයක් බව ප්‍රෙද්ශවාසීන් චෝදනා කර සිටී.
හටගත් උණූසුම් තත්ත්වය හේතුවෙන් බිංගිරිය පොලිසියට අමතරව,දුම්මලදූරිය සහ හෙට්ටිපොල පොලිස් ස්ථානවලින්ද අමතර පොලිස් කණ්ඩායම් ගේනවා තත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
0 Comments