පාකිස්තානය සැමවිටම සාමයට කැමැත්ත දක්වන බවත්, ඉන්දියාව සමග සාමකාමී සබඳතා ඇතිකර ගැනීමට උනන්දු බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පිළිතුරු ලිපියක් යවමින් පවසා තිබේ. පසුගිය මාර්තු 23 වැනිදා, ඉන්දියාව ජනරජ දිනය සමරද්දී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් කියා සිටියේ ඉන්දියාව, පාකිස්තානය සමඟ සාමකාමී සබඳතා ඇති කරගැනීමට කැමැති බවය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉරාන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ලිපියක් යැව්වේ ඊට පිළිතුරු වශයෙනි.
පසුගිය මාස කීපයේ ඉන්දියාවත් පාකිස්තානයත් අතර යහපත් සබඳතා වර්ධනය වීමට පටන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මැදිහත් වීමෙනි.
එමිරේට්ස් විදේශ කටයුතු ඇමැති ෂෙයික් අබ්දුල්ලා බින් සයාද් සහ ඔහුගේ නියෝජිතයන්ගේ ප්රධාවයෙන්, ඉන්දු පාකිස්තාන හමුදා ප්‍රධානීන් අතරේත්, විදේශ ඇමැතිවරුන් අතරේත් පසුගිය කාලයේ සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා සාර්ථක වී ඇතැයි දේශපාලන විලේෂකයෝ පවසති. මේ අතර ඉන්දු පාකිස්තාන දේශසීමාවේ වෙඩි හුවමාරු සිදු නොකරන බවටත් ස්ථිර සටන් විරාමයක් පවත්වාගෙන යන බවටත්, ඉන්දු පාකිස්තාන හමුදා තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවට නිදහස හිමිවෙද්දී පාකිස්තානය බිහිවිය. පාකිස්තානය බවට පත් වූයේ ඉන්දියාවට අයත් ව තිබූ මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්රදේශයයි. ඉන්දියාවත් පාකිස්තානයත් අතර විරසකය පවතින්නේ කාශ්මීරය මුල්කොට ගනිමින්. කාශ්මීර දේශසීමා අර්බුදය නොමැති නම් ඉන්දියාවත් පාකිස්තානයත් අතර විරසකයක් නැහැ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පමණක් නොව, පාකිස්තාන හමුදාපති ජාවාද් බජ්වා ද පවසා තිබේ.
0 Comments