පුද්ගලයෙකුට පහරදීම  සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය  නිවාරණ ජනාධිපති බළකායහිටපු ස්වේච්ඡා උපදේශක නාමල් කුමාර මහතා ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලීසිය පවසයි. 

තුල්හිරිය කරන ප්‍රදේශයේ පිහිටි නාමල් කුමාර මහතාගේ නිවස ආසන්නයේ පදිංචි  ඔහුගේ ඥාති පුද්ගලයකු  සමග පසුගියදා (18)  ඇතිකරගත් ආරවුලක්  හේතුවෙන් නාමල් කුමාර  මහතා ඔහුට පහරදී ඇති බවට පහර කෑමට ලක් වූ පුද්ගලයා වරකාපොළ පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාර නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙලෙස පහර කෑමට ලක් වූ පුද්ගලයා මේ වනවීට වරකාපොළ මූලික රෝහලේ  ප්‍රතිකාර ලබන අතර නාමල් කුමාර මහතා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලිස්  ස්ථානාධිපති කේ.ඕ.පී.  අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර  පරීක්ෂණ පවත්වති.

-රංගන රුවන්-