ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සමන් වීරමන් මහතා දිවිසැරිය නිමාකර තිබේ.1950 අගෝස්තු 10 වන දින ගාල්ලෙහි උපත ලද ඔහු මියයන විට 70 වන වියෙහි පසුවිය.
ලේඛකයෙකු නීතිඥයකු හා සිනමා අධ්යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ඔහු 2013 දි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිංහල චිත්‍රපටය නිර්මාණය කළ නිසා වඩාත් ප්‍රකට විය. සිනමාව තුළින් බුද්ධ චරිතය නිරූපණය කළ අතළොස්සක්වූ නිර්මාණ අතර එය කැපී පෙනෙයි.
ඔහු වලගම්බා වෘතාන්තය ආශ්රයෙන් රචනා කර ආලෝකෝ උදපාදී චිත්‍රපටය 2017 දි ඔහුගේ පුත් චත්‍ර වීරමන් නිර්මාණය කළේය. 2021 ආයු චිත්‍රපටයේ කතාව ද ඔහුගේ රචනයකි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු ද වූ සමන් වීරමන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ අය දැනුම් දී තිබේ.
දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු හෙට
(04) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
0 Comments