මෝටර් රථ අනතුරකින් මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පවසා එයට සාධාරණයක් කරන්නැයි ඉල්ලා මියගිය අයගේ දේහය සද්ධාපුර ප්‍රදේශයේ මහා මාර්ගයේ තබා පසුගියදා ඥාතීහු උද්ඝෝෂණ කළහ.
මේ නිසා ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාගය පැය කිහිපයක් ගමනාගමන කටයුතු සඳහා අවහිර වී තිබුණි.මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය - මහනුවර පාරේ, කප්පල්තුරෙයි පදිංචි ඒ.එම්. අන්තෝනි සාමි නමැත්තකු බව පොලිසිය කියයි.පසුගිය මාර්තු 30 වැනිදා මීගමුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇති බව පොලිසිය කීය.මෙම උද්ඝෝෂණය හේතුවෙන් පිට ප්‍රදේශවලින්ම මහනුවර පාර ඔස්සේ ත්‍රිකුණාමලයට පැමිණෙන වාහන මගී ප්‍රවාහන සේවා හා ත්‍රිකුණාමලයෙන් නුවර පාර ඔස්සේ පිටවන වාහන පැය කිහිපයකට මෙලෙස ධාවනය නොවීය.
මගී ජනතාවට පැය කිහිපයක් යනතෙක් මහමග සිටීමට සිදුවිය. ත්‍රිකුණාමල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ, උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගයේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණි. මෙම උද්ඝෝෂණය අතරට පැමිණි ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි I ප්‍රසන්න බ්රාහ්මනගේ මහතා මෙසේ කීය. අපේ පැත්තෙන් සැකකරුට එරෙහිව සියලු චෝදනා අධිකරණයට ඉදිරිපත් කළා. සැකකරුගේ පාර්ශ්වයෙන් නීතිඥයන් ඇප ඉල්ලුවා. ඒ අනුව ගරු අධිකරණය ඇප ලබාදුන්නා.පොලිසියේ අය මෙහිදී ඔය අය කියන විදිහේ වරදක් කරලා තියනවා නම් ඒ සඳහා විමර්ශනයක් කරලා දඬුවම් දෙන්නත් කටයුතු කරනවා යැයි කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම අවස්ථාවේ කතා කරද්දී ඇතැම් අය ඔය බොරු බයිලා යනුවෙන් බාධා කිරීමද සිදුවිය.
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
0 Comments