ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කළුතර ශාඛාවේ ණය අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග ඊයේ (20) දහවල් සිට එම බැංකු ශාඛාව නැවත දැනුම් දෙන තුරු වසා දැස්මට සෞඛ්‍ය අංශ කටයුතු කළේය. එම බැංකු ශාඛාවේ ණය අංශයේ සේවය කරන නිලධාරින් 09ක් හා ආරක්ෂක අංශයේ නිලධාරින් තිදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබේ.
කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බැංකු නිලධාරියා වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් කීප දෙනෙකුද කොරෝනා ආසාදිතයින් බවට මේ වනවිට හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
තාවකාලිකව වසා දැමු බැංකු ශාඛාවේ සෙසු කාර්ය මණ්ඩලය අද (21) පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජන කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජී. සිංහබාහු මහතා කීය. එම පරීක්ෂණ ප්‍රතිඵල සලකා බැලීමෙන් හා බැංකු පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් පසු නැවත බැංකු ශාඛාව විවෘත කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතාගේ අධීක්ෂණයෙන් යුතුව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බැසිල්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ. සිංහබාහු, කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඩී.සී. රෝහණ, දකුණු කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක නිර්මාල සහ කටුකුරුන්ද 1 මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය යන මහත්වරු මේ පිළිබඳව කටයුතු කරති.
-සුනිල් එස් තන්ත්රිආරච්චි-
0 Comments