අලුත් අවුරුදු සමයෙන් පසු නැවතත් කොවිඩ් පැතිර ගොස් ඇති අතර, මේ වන විට ඒ රැල්ලක් බවට පත්ව තිබේ. දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර, රට තුළ පැතිරෙන මෙම ප්‍රභේදයේ ප්රබලය වැඩි බැවින් උපරීමයෙන් ආරක්ෂ වීම වැඳගත් බව සොඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා මසල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවදන්ර මහතා සහ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා සඳහන් කළ තොරතුරු මෙසේය.
එංගලන්ත ප්‍රභේදය අලුත් අවුරුද්දෙන් පසුව කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවුණා. මෙවර රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පර්යේෂණ කරලා පැතිරන ප්‍රභේදය කුමක්ද කියන කාරණය සොයා ගත්තා. ඒ අනුව මේ පැතිරෙන්නේ කෝවිඩ් වෛරසය එංගලන්ත ප්‍රභේදයයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කරලා තිබෙනවා. මෙම ප්‍රභේඳය මුලින්ම ලංකාවේ ඇතිවු නිරෝධායන මධ්‍යස්ථානවල. නමුත් දැන් සමාජයෙන් වාර්තා වෙන ආසාදිතයන් සියල්ලම මේ කාණ්ඩයේ බව අපි තහවුරු කරගන තිබෙනවා.මේ ප්‍රභේදය කරදරකාරි, ගැටලුකාරී ප්‍රභේදයක්. මෙහි මරණ ඇතිවීම 55%ක් වැඩියි.
ඒ වගේම පැතිරීම 50%ක් වැඩියි. ඒනිසා ඉදිරි මාස 03ක කාලය අපිට තීරණාත්මක කාලයක්. මේ නිසා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතාම වැදගත්. රෝග ලක්ෂණ වැඩියි මෙවර වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා. ඒ වගේම වාර්තා වන රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් වැඩියි.
දෙවැනි රැල්ලේදී රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් කළේ නැහැ. මෙම ප්‍රභේදයේ ඇතැම් රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වනවා. ඔවුන්ට ඇතැම්විට ඔක්සිජන් දෙන්නට සිදුවෙනවා. ඔවුන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව වැඩි වෙන බවක් අපි දකිනවා. මේ නිසා මේ රෝගය තීව්ර වෙමින් තිබෙන බව කියන්න පුළුවන්. රෝග ලක්ෂණ මෙහිදී කෝවිඩි ආසාදනය වූ විට ඇතිවන රෝග ලක්ෂණවල විශේෂ වෙනසක් අපි දකින්නේ නැහැ.
ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාව, වියළි කැස්ස ආදිය ඇතිවන්න පුළුවන්. ඒ අතරතුර ඇගපත වේදනාව, හිසරදය, ගද සුවද නොදැනී යාම ආදී රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂ කලිනුත් අපි දැක්කා. මෙවර එය ක්‍රමයෙන් වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට රෝහල්වල 6000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා.මහජනතාව ලෙස ඔබට ඒ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබෙනවා නම් කළයුතු හොදම දේ නිවසේ රැදී සිටීමයි. ඉන්පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා,වෛද්‍යවරයා ආදී බලධාරීන්ට දැනුම් දෙන්න. ඉත්පසුව ඔබව ආරක්ෂා සහිතව පරීක්ෂණ කරන තැනකට රැගෙන යයි. එහි ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු සිදුකරයි. තුන්වැනි රැලේ ආරම්භය.
තුන්වැනි රැල්ල පටන් ගත්තේ බොරලැස්ගමුන්වෙන්ද නැද්ද කියලා අපි දන්නෙ නැහැ. බොරලැස්ගමුන්නේ ඉදිකිරීම් කරන ස්ථානයක සේවකයන් කිහිපදෙනෙකුගේ සාම්පල අප්‍රේල් 08 අපිට ලැබුණා. ඒවා පරික්ෂා කරදි ඒ එංගලන්ත ප්‍රභේදය බව අපි හඳුනාගත්තා, එදින හවසම අපි ඒ බව අදාළ අංශවලට දැනුම් දුන්නා. එංගලන්ත ප්‍රභේදය අපි මුලින්ම හඳුනා ගත්තේ එදා. ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර සෞඛ්‍ය අංශ විසින් එම දින කිහිපය තුළ අරගෙන තිබුණා. කෝවිඩ් වලින් ආරක්ෂා වෙන්න. අවශ්‍ය පියවර ගන්න කියලා මේ වෛරසය ලංකාවට ආපු දවසේ සිට දැනුම් දුන්නා.එම පියවර ගත්තා.පහුගිය අවුරුදු කාලයේදී ජනතාව එම ආරක්ෂිත මූලික සංකල්පවලින් බැහැර වුණා. එහෙම සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න එපා කියලා කිසිම අවස්ථාවක සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අංශවලට වරද පැටවීම හොද දෙයක් නෙවෙයි.
ආරක්ෂා වීමේ පිළිවෙත් වැඩි කරන්න මෙම වෛරසය දැඩි ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන තිබෙනවා.
එහෙනම් අපි විසින් සිදුකළ යුත්තේ කුමක්ද?
අපි ආරක්ෂා කරන සොඛ්‍ය පිළිවෙත් දෙගුණ තෙගුණ කළ යුතුයි. සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩියි නම් අපි ඒ වෙනුවෙන් වැඩි වශයෙන් ආරක්ෂා විය යුතු වෙනවා. ඔබ හැකිතාක් දුරට නිවසේ රැදී සිටින්න. අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැර වන්න. ඒ වගේම නිවසින් බැහැර වෙනවා නම් මුඛ ආවරණයක් පැලදීම අනිවාර්යයි. එය නිසි පරිදි පැලදීමත් අවශ්‍යයි. පැලද සිටින මුහුණු ආවරණය ඇල්ලීම සුදුසු නැහැ. ඒ වගේම නිසි වෙලාවට මුඛ ආවරණය මාරු කිරීමත් සිදුකළ යුතුයි.තවත් වැදගත් දෙයක් තිබෙනවා. මීටපෙර අපි කිව්වේ පොදු ස්ථානවලදී මීටරයක පරතරය තබාගන්න කියලා. නමුත් මෙවර මීටර් දෙකකට වැඩි පරතයක් තබා ගන්නවා නම් සුදුසුයි. ඒවගේම නිතර අත් සේදීම කළ යුතුමයි.
මෙම කෝවිඩි වෛසරය සම්ප්‍රේෂණය වළක්වාගන්න මෙම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මෙම ආරක්ෂණ පියවර අනුගමනය කරලත් ඔබට රෝගය වැලදුණත් බිය විය යුතු නැහැ. මොකද ඔබට රෝගය වැලඳුනොත් සොඛ්‍ය කාර්ය මණ්ඩල විදිහට අපි ඔබව ඉතාම හොදින් රැකබලා ගැනීමට කටයුතු කරනවා. දැනට තිබෙන දැඩිසත්කාර ඒකකවලට අමතරව අනිකුත් රෝහල්වල දැඩිසත්කාර ඒකකත් අපිට භාවිත කරන්න පුළුවන්.
සුළගින් බෝ වීම මෙම නව ප්‍රභේදයෙන් මරණ සිදුවීම වැඩියි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබෙනවා. එවැනි පසුබිමක තමයි මේ වෙසරයේ ව්‍යාප්තිය ගැන කතා වෙන්නේ වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යම් තීරයන් ලබාදෙන්නේ අධ්‍යයනයකින් පසුවයි. කෝවිඩි රෝගය වසංගතයක් කියලා නම් කරන්න ලෝක සොඛ්‍ය සංවිධානය මාස තුනක විතර කාලයක් ගත්තා. එය ඔවුන් කළේ සියලු දත්ත ලබාගෙනයි. නමුත් එසේ ප්‍රකාශ කරනකම් ඉන්නෙ නැතිව අවශ්‍ය සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරන එක අපේ වගකීම. මෙය වාතයෙන් බෝ වෙනවාද නැද්ද කිය කියා ඉන්නෙ සොඛ්‍ය පුරුදු ආරක්ෂා කළ යුතුයි. ඒවගේම මෙම වෙරයිරසය වාතයෙන් සම්ප්‍රේෂණය වනවා කියන්න මේ වනවිට ඕනෑතරම් සාක්ෂි සාධක තිබෙනවා. ඇතැම් ලෝකයේ පිළිගත්තු සගරාවල ඒවා පළකර තිබෙනවා.
කොහොම උනත් මෙය ස්වසන පද්ධතිය ආශ්‍රිතව සිදුවන රෝගයක්. ඒ නිසා එයින් ආරක්ෂා වෙන්න අපි දැනගත යුතුයි. මේ වෙසරය සුළග මගින් ව්‍යාප්ත වෙනවා කියලා හිතාගෙන එයින් ආරක්ෂා වෙන්න කටයුතු කළ යුතුයි. ඒවගේම වෛරසය කොයිතරම් ප්‍රබල උනත් ඒ වෛරසය තවත් කෙනෙකුගේ ශරීරගත නොවන ආකාරයට ඔබ හැසිරුණත් කිසිම අවස්ථාවක එය ශරීරගත වෙන්නේ නැහැ. ඔබෙන් අඩුපාඩුකම් උනොත් තමයි ඔබ එහි ගොදුරක් වෙන්නේ. ඒ නිසා ඉදිරි මාස තුන ඉතාම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න හැකි උපරිම දායකත්වය ලබාදත්ත කියලා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. එන්නත්කරණය ලංකාවේ එන්නත් කිරීම යම් පිරිසකට පමණක් සිදුකළත්, එය හොඳින් සිදුකරගෙන යනවා. එම එන්නත් කිරීම තුළ ඒක මාත්‍රාවකින් පවා ඉතා හොද ප්‍රතිදේහ මට්ටමක් ගොඩනැගිලා තිබෙනවා. ඇට්රසනිකා කියන එන්තත මාත්‍රා දෙකකින් සමන්විතයි.
ඒ දෙකම ලබාගැනීම වැදගත්. ඔබට අවශ්‍ය කරන නිසි ප්‍රතිශක්තිය ලබාගන්න එම මාත්‍රා දෙකම ලබාගැනීම වැදගත්. මේ දිනවල දෙවැනි මාත්‍රාව ලබාදෙමින් තිබෙනවා. පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් දෙවැනි මාත්‍රාව යුහුසුළුව ලබාගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා, දැඩිසත්කාර ඒකක මේ වන විට දැඩිසත්කාර ඒකකවල වැඩිපුර රෝගීන් සිටිනවා. ඒ අතර වයසක ප්‍රජාව මෙන්ම තරුණ පිරිස් ඉන්නවා. මේ කාලයේදී තරුණ පිරිසත් වැඩි වශයෙන් දැඩිසත්කාර ඒකක වලට යොමු කරනවා අපි දකිනවා. එහෙම වෙන්නේ වෛරසයේ ප්‍රබලත්වය වැඩි නිසා. නමුත් කෝවිඩ්වලට නිර්දේශ කර තිබෙන රෝහල් හෝ මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පරිදි දැඩිසත්කාර ඇඳන් තිබෙනවා. ඒ අතරතුර දිවයින පුරා පැතිරිලා තිබෙන රෝහල් පද්ධතියේ තිබෙන හදිසි ප්‍රතිකාර අංශ රෝගීන් වෙනුවෙන් ලබාගන්නට පුළුවන් හැකියාව තිබෙනවා.
(චාමර සම්පත්)
0 Comments