බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව


අද දින කැබිනට් මාධය හමුවේදී දන්වා සිටින ලදි.


මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය හිමිව ඇත.
මින් ඉහත මෙම යෝජනාව ඉදිරිපත්වූවත් එය සාකච්ඡාවට නොගෙනම ඉවතට ගිය අතර ඒ දිනවල පාකිස්තානය ඒ ගැන සතුට පළකරමින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.