
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඉරිදා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වග උත්තර බඳින්නට කැරොලයින් ජූරි නම් කර තිබුණ අතර ඇය ඊයේ උදේ වරුවේම දුරකථනය විසංධි කරගෙන සිටි බව වාර්තාවූ නිසා පොලිසියට ඇය සොයාගන්නට බැරිවිය.
ඇය අතුරුදන් ලෙස සලකා සොයා බැලීම් කරන බවද දන්වා තිබුණි. මේ අතර චන්දිමාල් ජයසිංහද ඇයව සම්බන්ධ කරගත නොහැකි බවත් ඇගේ සැමියාද ඇය සිටින තැන නොදන්නා බව කියා සිටි බවත් පවසා තිබුණි.
මේ අතරවාරයේ ඊයේ රාත්‍රිෙය් කුරුඳුවත්ත පොලිසිය වෙත ඇමතුමක් දුන් කැරොලයින් ජූරි අද දිනයේ පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන්නට එකඟවී තිබූ අතර එම පොරොන්දුව පරිදි අද දහවල් ඇය සිය නීතීඥයින්ද සමග පැමිණ
කුරුදුවත්ත පොලිසියට කට උත්තර ලබාදුන් බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval