ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති බවට මෙතෙක් නිශ්චිත සාක්ෂි නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
රට තුළ ව්‍යාප්ත වන වෛරසයේ වෙනස පිළිබඳව නිශ්චිතවම තීරණය කෙරෙන සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ලබන සතියේ ඔවුන් විසින් සිදුකරන බව ඔහු පැවසීය.
ඉන්දියාවේ වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාවක් පවතින නමුත්, සෞඛ්‍ය බලධාරීන් එවැනි හැකියාවන් අවම කිරීම සඳහා සියලු පූර්වාරක්ෂක පියවර ගෙන තිබෙන බවත් රට තුළ පැතිර යන වෛරසය විකෘතියකට භාජනය වී ඇති බවත්, එය නව ප්‍රභේදයක් විය හැකි බවත් මූලික සොයාගැනීම්වලින් හෙළි වී ඇතැයි වෛද්‍ය ජීවන්දර මහතා පැවසීය.
“උත්සව සමයෙන් පසු කොළඹ, කුරුණෑගල සහ මහනුවර වලින් ලබාගත් සාම්පලවල විකෘතියක් අපි නිරීක්ෂණය කළා. සෞඛ්‍යමය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළහොත් වෛරසය තවදුරටත් පැතිරීම වළක්වා ගත හැකියි.දැනට පැතිර ඇති වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන අතරම අධික ලෙස සම්ප්‍රේෂණය විය හැකි බව පෙනේ. මේ අනුව, නිසි පර්යේෂණ මගින් තීරණය වන තෙක් මීටර් දෙකක දුරක් පවත්වා ගැනීමට අපි ජනතාවට උපදෙස් දෙමු. ‘
වෛද්‍ය ජීවන්දර මහතා පැවසීය.
0 Comments