
මේ වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා එකී කිරුළ පැළඳීමෙන් පසු නැවත ඇගෙන් උදුරා දෙවැනි තැන දිනූ තරගකාරියට ලබාදීමට කටයුතු කිරීම නිසා ඊයේ රාත්‍රියේ උණුසුම් වාතාවරණයක් ඇතිවූ අතර මෙම සිදුවීම දැන් නීති මාර්ගයෙන් විසඳාගන්නා තත්වයට පත්ව ඇත.
කෙසේ වෙතත් සිදුවීම ගැන අදහස් දක්වන රූපලාවන්‍යෙව්දියෙකු හා විවාහක රූ රැජිණ තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ අද දහවල් ප්‍රකාශ කර සිටියේ කිරුළ ඇගෙන් උදුරාගැනීම සිදු නොකළයුතුව තිබූ දෙයක් බවත් ඇය දික්කසාද බවට ලියිවිලි කිසිවක් නැති නිසා ඇයට කිරුළ යළි ලබාදීමට කටයුතු කරන බවත්ය.
ශ්‍රී ලංකා හිටපු විවාහක රූ රැජිණක හා ලෝක විවාහ රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි මහත්මිය විනිසුරු මණ්ඩලයේ එක් සාමාජිකාවක වුවද මෙම ආන්දෝලනාත්මක පියවර ගෙන ඇත්තේ විනිසුරු මණ්ඩලයේ සාමූහික තීරණයක් ලෙස නොවන බව හඳුනාගෙන තිබේ.
ඇය ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගය තෙක් පුෂ්පිකා ද සිල්වා තරඟ කිරීම පිළිබඳව කිසි විටෙකත් ප්‍රශ්නයක් හෝ විරෝධයක් මතු නොකළ බව චන්දිමාල් ජයසිංහ පවසා තිබේ.
පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවට සාක්ෂි රහිතව කිරුළක අයිතිය වෙනස් කිරීම සිදු නොකළ යුත්තක් බවත් ඇයගේ විවාහයේ ප්‍රශ්න පුද්ගලික බවත් ඒවා පාදක කරගෙන අවසාන ප්‍රතිඵලයට බලපෑම් කිරීමේ සදාචාරමය හැසිරීමක් නැති බවත් චන්දිමාල් ජයසිංහ දන්වා ඇත.
කැරොලයින් ජූරිගේ හැසිරීම තරගයේ සමස්ත ප්‍රතිරූපයට හානි කර ඇති බවද ජයසිංහ කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval