දකුණු ආසියානු රටවල් සමඟ හදිසි සැපයුම් සංචිත පිහිටුවීමට චීනය කැමැත්තෙන් සිටි බව එරට විදේශ ඇමතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.
කොවිඩ් -19 එන්නත ලබා ගැනීම සඳහා දකුණු ආසියානු රටවලට ආධාර ලබා දුන් බව චීනය අඟහරුවාදා ප්‍රකාශ කළ නමුත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් කලාපීය වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී නොවූ බව වාර්තාවේ.
නමුත් දැනට ලෝකයේ දරුණුතම වසංගත රැල්ලෙන් පීඩා විඳින්නේ ඉන්දියාවයි.
ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, නේපාලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගී වූ මෙම සමුළුවට චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී සහභාගී වූ අතර චීනයේ අසල්වැසි හා කලාපීය ප්‍රතිවාදී ඉන්දියාවට ද ආරාධනා කළ නමුත් සහභාගී නොවුන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
කොවිඩ් -19 ට එරෙහි සටනේදී දකුණු ආසියානු රටවල් සමඟ හදිසි සැපයුම් සංචිත පිහිටුවීමට චීනය කැමැත්තෙන් සිටින බව වැන්ග් සිය සම්මන්ත්‍රණයේදී පැවසීය.
කෙසේ නමුත් ඉන්දියාවේ සහභාගීත්වය නොපැවතීම ගැන චීන නියෝජිතයා පවසා ඇත්තේ “ඉන්දියාවේ පැතිර යන වසංගතයට අපගේ ගැඹුරු තැනින් පැනනගින අනුකම්පාව පළ කරන අතර ඉන්දීය ජනතාවට අවංකවම ශෝකය ප්‍රකාශ කරමු එසේම ඕනෑම වේලාවක සහාය ලබා දීමට සූදානම් බව දන්වමු“ ලෙසිනි.
0 Comments