chula-speaks


•මේ දවස් වල චූලාගේ වැඩ කටයුතු මොනවාද?
     ''මේ දවස්වල චූලා පද්මේන්ද්‍රා CAT WALK STUDIO එකේ වැඩ කරනවා එයාලගේ SHOOT කරනවා...මගේ NORMALY DAY TO DAY වැඩ කරගෙන යනවා....''
•ඔබ නිරූපන අංශයේ නිරත උනත් ඔබව ගොඩාක් අය හඳුනන්නේ DANCING STAR වැඩසටහන හරහා නේද?
     ''ඇත්තටම ඔව් මට ගොඩාක් ලොකු FAN BASE එකක් හැඳුනා...DANCING STAR හරහා ගොඩාක් අය දැනගත්තා මට DANCE කරන්න පුළුවන් කියලා..හොඳ Platform එකක් උනා මට ඉස්සරහට එන්න....''

 


•කැරොලයින්ට ලංකාවට කිරුළ රැගෙන එන්න ඔබගෙන් ලැබුන දායකත්වය කොහොමද ?
          ''චූලා පද්මේන්ද්‍රා CAT WALK STUDIO එකට එයා enroll වෙනවා ඩුබායි ඉදලා ආවහම MRS SRI LANKA කියන LOCAL pageant එකට එතනදි තමයි මට එයාව මුලින්ම මුනගැහෙන්නේ...මම එයාව හැමදේකින්ම training කරා මොකද එයා මේ industry එකට අලුත් කෙනෙක්....මම කිව්වා එයාට මේ pageant එක කොහොම හරි දිනන්න ඕන කියලා...''
•රෝසි සේනානායක මහත්මියගෙන් පස්සේ ඇයි ඒ අවස්ථාව කාටවත් මෙච්චර කාලයක් යනකල් ලැබුනේ නැත්තේ?
       ''INTERNATIONALY අපිට හොද නමක් ගේන්න පුළුවන් ළමයි ඉදලා තියෙනවා නමුත් එයාලාව කැපෙනවා LOCAL pageant වලදී මොකද ඒ එක එක්කෙනාගේ කැමැත්තට...සමහර ළමයි ඉන්නවා CROWN විකුණනවා...එතකොට සල්ලි තියෙන කෙනා ඉස්සරහට එනවා විතරයි talent එකක් තියෙන සුදුස්සා නෙවෙයි යන්නේ...මම හිතනවා ඒකයි අපිට INTERNATIONAL win එකක් කරන්න බැරි වෙන්න ඇත්තේ...''


•ඉස්සර මේ pageant වලට මිනිස්සු එච්චර කැමැත්තක් දැක්වූයේ නෑ...නමුත් කැරොලයින් ජයග්‍රහණය කලාට පස්සේ මිනිස්සු මේ ගැන හොයන්න  පටන්ගත්තා නේද ?
       ''ඒ දේට අපි කැරොලයින්ට ස්තූතිවන්ත වෙන්න ඕන....මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ අපේ මේ  industry එකේම ඉන්න අයම තමයි මේ pageant කියනදේ විනාශ කලේ...සල්ලි වලට CROWN විකුණනවා...නුසුදුසු අයව තෝරනවා....කැරොලයින්ගෙන් පස්සේවත් ඒ අය තේරුම් ගනී සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන කියලා....''
•අලුතින් මේ industry එකට එන කෙනෙක්ට තියෙන්න ඕන මොනවගේ දේවල් ද ? field එක පැත්තෙන් එයාලට දෙන support එක කොහොමද ?
           ''අනිවාර්යෙන් මේ field එකට ආදරේ කරන කෙනෙක් වෙන්න ඕන...ජනප්‍රිය වෙන්න බලාගෙන එන්න එපා මේ දේ ගැන හොදට study කරන්න...හොද ගුරුවරයෙක් හොයාගන්න...ඕනම ළමයෙක් අපිගාවට ආවොත් අපි එයාට ඕනම support එකක් දෙනවා...මගේ ළගට එන හැමොටම මම කියන්නේ තමන් ඒ දේට කැපවෙන්න ඕන...''
•මේ pageant ගැන ගොඩාක් අය දන්නේ නෑ...ඇත්තටම මොකක්ද මේ pageant වල වෙන්නේ ?
       ''අද කාලේ ඕනම කෙනෙක්ට පුළුවන් කීයක් හරි වියදම් කරලා crown එකක් ගන්න ඒ තරම් pageant දැන් තියෙනවා....නමුත් මම කැමති ජනතාවට කියන්න ඒ pageant එක තියෙන්නේ කොහෙද කොච්චර පරණද ඒකට රටවල් කීයක් සම්බන්ධ වෙනවද කියන එක බලන්න ඒකෙන් කියන්න පුළුවන් කොච්චර වැදගත්ද කියලා...international pageant වල බලන දේ තමයි Personality එක...high heel එකක් දාගෙන ඇවිදින එකම නෙවෙයි මේ pageant වල වෙන්නේ...''
•කැරොලයින් ජයග්‍රහණය කලාට පස්සේ මිනිස්සු  කිව්වා නේද මෙයා සුදු නෑ කියලා...ලංකාවේ මේ හමේ පැහැය කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද....?
       '' ඇත්තටම මේක මේ වෙළදපොළේ තියෙන injection වලයි bleaching cream විකුණගන්න ඕන මිනිස්සුමයි මේ සුදු තමයි ලස්සන කියන දේ හදලා තියෙන්නේ....හමේ වර්ණය නෙවෙයි බලන්න ඕන තමන්ගේ talent එක...''


•modling field එක හොද තැනකට ගෙනියන්න ලංකාවේ තව කවුද වැඩ කරන්නේ..?
       ''ගොඩාක් අය ඉන්නවා...අපි පටන් ගන්නත් කලින් හිටිය අය ඉන්නවා....සේනක ද සිල්වා,ලෝචිං වෝං,නිල්හාන් සෙනෙවිරත්න, පූර්ණිමා අබේරත්න, රුස්‍රෑන් ඩයස් මේ වගේ ගොඩාක් අය ඉන්නවා මේ field  එකේ...''
•ඉස්සර වගේ මේ modling field එකේ වැඩ කරන්නේ නැද්ද දැන් ?
        "ඇත්තටම දැන් වෙනද තරම් මම වැඩ කරන්නේ නෑ මොකද මගේ පුතා නිසා....මම ගොඩාක් තොරලා බේරලා තමයි වැඩ කරන්නේ...අනිත් එක දැන් රටේ ආර්ථිකේ එක්ක දැන් show කරන්න අමාරුයි...''
•මෙච්චර talent එකක් තියාගෙන ඇයි mrs pageant එකකට try කලේ නැත්තේ....?
    ''මං හිතන්නේ මගේ talent එක තියෙන්නේ එයාලව winners ලා කරන එක...මම හිතනවා මොකද ඒ ළමයි මට වඩා talented...ගොඩාක් හොද talent ළමයි බිහිකරන එක තමයි මගේ win එක....''
•මේ field එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද මොකක්ද ඔබ කියන්නේ ?
       ''හරි pageant එකක් තොරලා යන්න...පවුලෙන් අනිවාර්යෙන් support එක ගන්න මොකද කැරොලයිනට ඒ support එක තිබ්බා එයාගේ husbandගෙන්...කොච්චර හොද valued එකක් තියෙන pageant එකක්ද කියලා බලන්න...හොද ගුරුවරයෙක් ගාවට යන්න...pageant එකකට යනවනම් ඒක දිනන්න බලාගෙන යන්න කියලා තමයි මම එයාලගෙන් ඉල්ලන්නේ....''