හිටපු පේරු ජනාධිපතිවරයෙකු වන මාර්ටින් විස්කාරා හට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ඔහු මේ බව අනාවරණය කර තිබේ. මෙහිදී ඔහුට මෙන්ම බිරිඳටද වෛරසය ආසාදනය වී තිබේ.
2018 වසරේ සිට මාර්තු සිට පසුගිය නොවැම්බර් මාසය දක්වා පේරුහි ජනපතිවරයා ලෙස කටයුතු කළ මාර්ටින්ට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගයෙන් අනතුරුව ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. එසේම පසුගිය පෙබරවාරි මාසයේදී එරට තුළ ඇරඹුණු COVID-19 මර්දන එන්නත්කරණය අවස්ථාවේදි සිය බලය අයුතු ලෙස භාවිත කරමින්, නියමිත පිළිවෙළ උල්ලංඝනය කරමින් ඔහු තමන්ට එන්නත් විදගත් බවටත් චෝදනා එල්ල විය. එම අවස්ථාවේදී ඔහුගේ බිරිදටද එන්නත ලබාදීම සිදුව තිබුණි.
තමා සිදුකළ මෙම ක්‍රියාව පිළිබද අනාවරණය වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් සහ බිරිද එන්නත පරීක්ෂා කිරීම සදහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ බවත්, එය "නිර්භීත' ක්‍රියාවක් බවත් හඳුන්වා දී තිබුණි. එහෙත් මෙම අවස්ථාව භාරව සිටි වෛද්‍යවරයා පසුව අනාවරණයක් සිදු කරමින් ජනපතිවරයාට ලබාදුන්නේ සැබෑම එන්නත් මාත්‍රාවක් බව පවසා සිටියේය.
0 Comments