මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින් කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි.
ගම්පහ
ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසාදිත ගණන ඊයේ 27 වන විට 19,532ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24ක කාලයේ කොරෝනා ආසාදිතයින් 189 දෙනකු හමුවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සිදු කළ පරික්ෂණ වාර්තා අනුව ආසාදිතයින් 144 දෙනකු සහ රෝහල්වලින් සිදු කළ පරික්ෂණ වාර්තා අනුව 45 දෙනෙකු හමුව ඇත. " මේ අතුරින් 33 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත්, ජාඇල සහ මහර කොට්ඨාසවලින් ආසාදිතයින් 23 දෙනෙකු බැගින්ද, ගම්පහ සහ දොම්පේ කොට්ඨාසයගෙන් 21 දෙනකු බැගින් සහ බියගම කොට්ඨාසයෙන් 19 දෙනකුද හමු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිරිස්වත්ත ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියක කොවිච් ආසාදිත බවට තහවුරු වීම හේත්තුවෙන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කළ බව කීය. ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත එම නිලධාරිනිය සමග සේවය කළ පිරිස නිරෝධායනය කිරිමට කටයුතු යොදා ඇති බවය.
මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ මාබොදල නාගහවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු සාදයකට සහභාගි වූ පිරිසකගෙන් දස දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට ඊයේ (27) හඳුනාගත් බව නයිවල මහජන
සෞඛ්‍ය පරීක්ෂක ඒ.ඒ.ආර්.පී. අමරසිංහ මහතා පැවසීය.
මිනුවන්ගොඩ වල්පිටමුල්ල ප්‍රජා ශාලාවේ දී ඊයේ (27) පැවැති එම අවුරුදු සාදයට සහභාගි වූ 24 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට යොමු කළ බවත් එම 24 දෙනාගෙන් 10 දෙනකු ආසාදිතයින් බවට හඳුනා ගත් බවත් හෙතෙම පැවසීය. නයිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ගිය තරුණියකට රැකියාවට බඳවා ගැනීමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් පසු එම තරුණිය කොවිඩ් ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ. මහජන පරික්කෂවරුන් සිදු කළ පසුවිපරමේ දී එම ආසාදිත තරුණියට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත්තේ අවුරුදු සාදයේදී බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරු ව එම සාදයට සහභාගි වූ 24 දෙනෙකු මෙසේ ඊයේ (27) ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට ලක්කර ඇත.
මුඛ ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනකු ඉකොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ රන්දෙනිය මහතා ඊයේ (27) වැනිදා පැවැසීය. එම කර්මාන්තශාලාවේ දිවා සහ රාත්‍රී වශයෙන් සේවා මුර දෙකක සේවා සේවිකාවන් 40 දෙනෙක් සේවා කරති.
දිවා කාලයේ සේවය කරන සේවිකාවක් අසනීප තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේදී එම සේවිකාව ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව දිවා කාලයේ සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට යොමු කිරිමෙන් අනතුරුව 19 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බව හෙතෙම පැවසීය.
රාත්‍රී වැඩ මුරයේ සිටි සේවක සේවිකාවන් 20 දෙනා ඊයේ (27) ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට යොමු කිරීමට නියමිත බවත් හඳුනාගත් ආසාදිතයින් යටියන සහ ඒ අවට පදිංචිකරුවන් බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා පැවසීය. එම කර්මාන්තශාලාවේ හිමිකරු ද ආසාදිතයකු වන අතර මුඛ ආවරණ බෙදාහැරීම නවතා දමා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් සහ පොලිසිය කටයුතු කර තිබේ.
බියගම
කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් පස් දෙනෙකුට පෙරේදා (26) දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය. එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ සිටින 02 දෙනකුට ද කොරෝනා වෙරසය ආසාදනය වී ඇති අතර, ඔවුන් යාපනය දිස්ත්‍රික් මහ රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
එමෙන්ම බියගම නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයන් 42 දෙනකු ද මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය. ඒ අනුව බියගම නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 32 ක සේවය කරන සේවකයින් 134 දෙනකු මේ දක්වා මෙම කොරෝනා වෙසරයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
කිරිබත්ගොඩ
කිරිබත්ගොඩ නගරයේ ව්‍යපාරික ස්ථානවල සේවකයින් සහ නගරය අවට නිවැසියන් සඳහා කරන ලද අහඹු පී.සී.ආර්. පරික්ෂාවකදී අට දෙනකු කොරෝනා ආසාදිතයන් බව වාර්තා වූ බව කැලණිය ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරිකවරු පවසති. ඊට අමතරව ඊයේ (21) දින කිරිබත්ගොඩ නගරය අවට ව්‍යාපාරික ස්ථාන රැසක සහ නගරයට පැමිණෙන අය සහ නිවැසියන් 220 දෙනකු පී.සී.ආර්. පරික්ෂාවට යොමු කළ බව ද පරික්වෂකරු පවසති. දළුගම්ගොඩ ප්‍රදේශයේ 133 දෙනකුට අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂාව සිදු කළ බව ද කීය.
අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල නගරයේ කරන ලද පී.සී.ආර්. පරික්ෂාවලින් කොරෝනා ආසාදිතයන් 19ක් ඊයේ (27) වාර්තා වීමත් සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලීක වෙළෙඳසල් රැසක් තාවකාලිකව වසාදමා ඇතැයිඅවිස්සාවේල්ල සිතාවකපුර නගර සහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී එන්.ආර්. වික්‍රමසිංහ මහතා පැවැසීය. අවිස්සාවේල්ල නගරයේ කරන ලද පී.සී.ආර්. 189කින් (26) රෝගීන් 17ක්ද, 27 වැනිදා රෝගීන් 2ක්ද වශයෙන් වාර්තා වූ බවත්, තවත් අහඹු පී.සී.ආර්. පරික්ෂණයක් 29 වැනිදා අවිස්සාවේල්ල නගරයේදී සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
කටාන
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පී.සී. ආර්. පරීක්වෂණලින් කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 33 දෙනකු ඊයේ 20 සවස වාර්තා වූ බව කටාන පරීපාලත මහජන සෞඛ්‍යය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පවසයි. මෙම ආසාදිතයන් 33 දෙනාම වයස අවුරුදු 40ට අඩු වයසේ පසුවන අයවලුන් බව ද කුලතිලක මහතා පවසයි.
කටාන ප්‍රදේශයේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවකින් ඇඟලුම් කම්හලකින්, බෑග් නිෂ්පාදන ආයතනයකින් සහ රෙදි නිෂ්පාදන ආයතනයකින් මෙම රෝගීන් වාර්තා වූ බව ද කුලතිලක මහතා පැවසීය.
වලල්ලාවිට
වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගත වූ දින පහක් තුළ ආසාදිතයින් 67 දෙනකු වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. රෝගීන් බහුල වශයෙන් වාර්තා වූ පැලවත්ත පහළ හෙවෙස්ස දකුණ, පැලවත්ත මිරිස්වත්ත යන ප්‍රදේශවල සංචරණ නීති පනවා ඇති බවත්, වලල්ලාවිට ලේදොල ප්‍රදේශයේද ආසාදිතයන් බහුලව වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ආසාදිතයන් වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතූව වී ඇත්තේ පැලවත්ත 1 කණුව ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පැවැත්වූ වූ සූදු පිටිවලට නීති විරෝධීව හා අනාරක්ෂිතව එකතු වූ පිරිස් සහ විවිධ උත්සව අවස්ථා බව වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අතුකෝරල මහතා පැවසීය.
අලුත්ගම
අලුත්ගම නගරයේදී කොරෝනා නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. ගතවූ දින කිහිපය තුළ අලුත්ගම පොලිස් බල සීමාවේ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 12 දෙනකු ඊයේ (27) වන විට වාර්තා වී ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න මහතා පැවැසීය.
බෝම්බුවල
ඇගලුම් සේවිකාවන් 20 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගැනීමත් සමග කළුතර බෝම්බුවල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරි කටයුතු කර ඇත. එම ඇඟලුම් කම්හලේ සේවකයන් හා අවට ගම්වාසීන් 138 දෙනෙකු පීසීආර් පරික්ෂණ සඳහා භාජනය කර ඇති අතර ඉන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබුණි.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජී. සිංහබාහු, කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඩී.ඩී. රෝහණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් යුතුව බෝම්බුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ. ළහිරු සඳරුවන් මහතා මේ පිළිබඳව කටයුතු කරයි.
මීගහවත්ත
කොරෝනා හේතුවෙන් වසා දමා අති මීගහවත්ත පොලිසිය නිලධාරීන් 40 දෙනකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ඊයේ (27) නිකුත් වූ අතර, පොලිස් පරීක්ෂකවරයකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. ඒ සමගම ඔහුගේ ආශ්‍රිතයින් වූ පොලිස් නිලධාරින් 17 දෙනකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බියගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
කැස්බැව
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය පුරාම මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන බව කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කෝසල මුණසිංහ මහතා පැවසීය. මීට දින පහකට පමණ ඉහත දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී ආසාදිත බවට තහවුරු වූ 65 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු අහඹු ලෙස තෝරාගත් 200 දෙනකුගේ පමණ පීසීආර් පරික්ෂණ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදු කිරීමෙන් අනතුරුවය. කැස්බෑව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ පිරිස 568 ක් බවත් ඒ අතුරින් 10 දෙනකු සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිත වූවන් බව මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුලාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
බොරලැස්ගමුව
නව කොරෝන්ත රැල්ලේ ආරම්භයත් සමග බොරලැස්ගමුව නගර සීමාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 450 මේ වන විට වාර්තා වී ඇතැයි බොරස්ගමුව නගරසභාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.එම්.ආර්. විජේසිංහ මහතා පැවසීය.
මේ අනුව බලප්‍රදේශයේ පවුල් 38ක් පී.සී.ආර්. පරික්ෂණවලට යොමුකළ 129 දෙනකු නිරෝධායනයට යොමුකර සිටින බවත් තවත් පුද්ගලයන් 80 කගේ පී.සී.ආර්. පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 25ක් ද සිදුකර ඇති බවත් මේ වන විට කලාපයෙන් කොරෝනා මරණ 6ක් වාර්තා වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හේනේගම
හේනේගම ප්‍රදේශයේ පාසල් දෙකකින් කොරෝනා ආසාදිත සිසුවියන් දෙදෙනකු හඳුනාගැනීමත් සමග එම පාසල්වල ඉගැන්වීම් සිදුකළ ගුරුවරුන් 18 දෙනකු නිරෝධායන කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. එම පාසල් දෙකෙහි අදාළ පන්තිවල සිසුන් හතළිස් දෙනකු අද 27දා පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කරන බවය.
මේ වෙන විට එම කොට්ඨාසයෙන් අලුත් අවුරුද්දට පසුව රෝගීන් පහළොස් දෙනෙකු හඳුනාගෙන ඇති බව පැවසූ මහජන සෞඛ්‍ය පරික්ෂක ටී.බී. සුරවීර මහතා නිවාස 30ක පිරිස් නිරෝධානයට ලක් කළ බවද කීවේය.
ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ හයකින් පෙරේදා 26 වැනිදා පමණක් කොරෝනා ආසාදිතයන් 59 දෙනකු සොයාගත්බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩී.ජි.එම්. කොස්තා මහතා පැවසීය. ආසාදියන් 38 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් සොයාගත් අතර ඉතිරි 21 දෙනා සොයා ගනු ලැබුව්වේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ හයක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය. ආසාදිතයන් 21 දෙනා අතරින් ත්‍රිකුණාමල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් නවයක්ද,
කින්නියා බල ප්‍රදේශයෙන් එකක්ද, කන්තලේ බල ප්‍රදේශයෙන් දෙකක්ද, කුච්චවේලි බල ප්‍රදේශයෙන් එකක්ද, ගෝමරන්කඩවල බල ප්‍රදේශයෙන් හතරක්ද, උප්පුවේලි බල ප්‍රදේශයෙන් හතරක්ද වන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය. හුදෙකලා කෙරුණු ත්‍රිකුණාමල පුම්පුහාර් ග්‍රාම නිලධාරි වසමේ පවුල් 250කට ආසන්න පිරිසක් තවදුරටත් හුදකලා භාවය තුළ රදවා තබා ගැනීමට තීරණය කළ බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේ අධ්යක්ෂවරයා වැඩිදුරත් කීය.
සියඹලාණ්ඩුව
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සති පොළවල් සියල්ල ඊයේ (27) දින සිට වසා දමන බව ප්‍රාදේශීය සභාව පවසයි. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මහජනතාවගේ ආරක්ෂාව සඳහා, ඇතිමලේ සතිපොළ, ගොවිඳුපුර සතිපොළ, දොඹගහවෙල සතිපොළ හා සියඹලාණ්ඩුව සතිපොළ මෙලෙස තාවකාලිකව වැසූ බව, එහි ඉහළ නිලධාරියෙක් පැවැසීය. සෞඛ්‍ය අංශවලින් යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවත්, අවදානම පහව ගිය පසු, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යළි අරඹන බවත්, එම නිලධාරියා වැඩිදුරටත් සඳහන්ක කළේය.
පහත්ගම
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පහත්ගම නගරය ආසන්නයේ පිය පුතු දෙපළකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අවිස්සාවේල්ල රෝහලේදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා පැවසීය. මෙම පවුල්වල පිරිස නිවෙස්වල නිරෝධායනය කර මහරගම කුඩාකන්ද- සාලාව සහ මොරගහහේන යන ප්‍රදේශවල පදිංචි මොවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ද ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනය කිරීමට උපදෙස් දුන් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය.
වතුපිටිවල
වතුපිටිවල කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපිත ඇදන් 137ම මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි එම මධ්‍යස්ථානය භාරකාර නිලධාරිනී වෛද්‍ය නදීකා ජයවර්ධන මහත්මිය පැවසුවාය. සිංහල අලුත් අවුරුද්දට පෙර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියේ කොරෝනා රෝගීන් නව දෙනකු පමණක් බවද වෛද්‍ය නදීක ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට යාබදව පිහිටි අත්තනගල්ල යොවුන් සේනාංක මධ්‍යස්ථාන පරිශ්‍රයේ වතුපිටිවල මෙම කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉකුත් වසරේ ආරම්භ කෙරුන අතර වතුපිටිවල මූලික රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි.
හල්දුම්මුල්ල
හල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසලක තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිකපොත ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක අසංක සම්පත් මහතා ඊයේ (20 වැනිදා පැවසීය. මේ නිසා ගුරුවරියන් දෙදෙනකු සමග ශිෂ්‍යාවන් හතර දෙනකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. ආසාදිත ශිෂ්‍යත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගැනුන බවත් ඇයගේ අනෙකුත් ආශ්‍රිතයන් පිළිබඳව සොයා බැලීමට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් සම්පත් මහතා පැවසීය. සිද්ධිය සැලවීමත් සමග මෙම පාසලට ඊයේ (27 වැනිදා) එකම සිසුවකුවත් නොපැමිණි බව පාසල් ආරංචිමාර්ග පවසයි.
වැල්ලවාය රහතන්ගම
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටිකම්බොක්ක වෙහෙරයාය අතිලිවැව සහ වැල්ලවාය යන ග්‍රාම නිලධාරී වසම් හතරෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජාතික කොරෝනා මර්දන කමිටුවෙන් ඊයේ 27වැනි ඉල්ලීමක් කළ බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මතා පවසයි. මොනරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා ප්‍රධාන සෞඛ්‍ය අංශ විසින් මෙම ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් පැතිරියන කොවිඩ් 19 වයිරසය පාලනය සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවෙන් කළ ඉල්ලීමක් සලකාබලා මෙම තීරණයට එළැඹි බව මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සිදුකළ අහඹු පරික්ෂාවකදී 53 දෙනකුගෙන් 46 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අනාවරණය විය.
මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසන්නේ ජාතික කොවිඩ් මර්දන කමිටුවේ තීරණය ලැබුණු පසු වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පෙර කී ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කිරිමට කටයුතු කරන බවයි.
කොත්මලේ
කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරිය දෙවැනි වරටත් කොරෝනා වයිරසයට ගොදුරුවීම සමඟ ඇයගේ දරුවන් ඉගෙනුම ලැබූ ඩෙල්ටා ගැමුණුපුර ජාතික පාසලේ පන්ති දෙකක් ඊයේ 27 වැනිදා වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රාදේශීය ලේකම්වරිය හට දීර්ඝව පැවති උණ රෝගී තත්වය නිසා ඇය පෞද්ගලික රෝහලකින් සිදු කළ පී.සී.ආර් පරික්ෂණයකින් පසු පෙරේදා (26) වැනිදා රාත්‍රියේ ලැබුණු ප්‍රතිඵල අනුව ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී ඇත. මේ සමඟ ඇයගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය අංශ හා කොත්මලේ පොලිසිය පවසන අතර ඩෙල්ටා පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ ඊයේ (27) වැනිදා මේ බව දැන ගැනීමෙන් පසු පාසලේ ඉගෙනුම ලැබූ ඇයගේ දරුවන් සිටින 5 වැනි පන්තිය හා 8 වැනි පන්තිය සෞඛ්‍ය උපදෙස් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.
මේ වන විට කොත්මලේ පොලිස් බල ප්‍රදේශය පනම්ගම්මන ගම්මානයේ හමු වූ නාවිකා හමුදා ආසාදිතයකු නිසා ඔහුට ආශ්රිත පවුල් 18 කට අයත් 67 දෙනකු නිරෝධානයට ලක්කර ඇති අතර ඔහු නිසා තවත් 4 දෙනකුද රෝගයට ගොදුරුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා රෝගියකුගේ පදිංචියද කොත්මලේ තවලන්තැන්න ප්‍රදේශයේ බව හෙළිවීම නිසා ඒ සම්බන්ධ ආශිතයන් සොයා පරීක්ෂණ ද සිදුකරන බවද කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්. රත්නායක මහතා සඳහන් කරයි. ආසාදනයට ලක් වූ ප්‍රාදේශීය ලේකම්වරිය අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි ඇරඹීමෙන් 19 වැනිදා ලේකම් කාර්යාලය තුළ පිරිත් පිංකමක්ද සංවිධානය කර තිබී ඇති අතර එයට සහභාගී වූ පිරිස් නිරෝධානයට ලක්කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
මාතලේ
මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොරෝනා ආසාදිත පාසල් සිසුන් 13 දෙනකු ඊයේ (27) වැනිදා දහවල් වන විට වාර්තා වී ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසූරිය මහත්මිය පැවසුවාය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ශවරිය කියා සිටියේ කිරිමැටියාව මහානාම විද්‍යාලය, තැන්න මහා විද්‍යාලය, මාතලාපිටිය විද්‍යාලය, මුවදෙණිය විද්‍යාලය, කයිකාවල ප්‍රාථමික විද්‍යාලය යන විදුහල්වලින් මෙසේ කොවිච් ආසාදනය වී ඇති සිසුන් හමුවී ඇති බවය. අධ්‍යක්ෂිකා විජයන්ති ජයසූරිය මහත්මිය කියා සිටියේ ඊයේ (27 වැනිදා) හුදකලා කළ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසමට ආසන්නයේ ඇති කිරිමැටියාව මහානාම විද්‍යාලයේ සිසුන් කිසිවෙකු 27වැනිදා පැමිණ නොසිටි බවය.
කොරෝනා ආසාදිතයන්ගේ ආශ්රිත පාසල් සිසුන් 101 දෙනකු පීසීආර් පරික්ෂණවලට ලක්කර ඇති බවත් සිසුන් 82 දෙනකු නිරෝධායනයට යොමුකර ඇති බවත් කිසිදු අනධ්‍යයන කාර්ය මණ්ඩලය අයකුට හෝ ගුරුවරයකුට හෝ කොවිච් 19 ආසාදනය වී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
හලාවත
හලාවත සතොස වෙළෙඳසලේ සේවකයකු කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිසා එම වෙළෙදසල ඊයේ 27වැනිදා සිට යළි දැනුම් දෙන තෙක් වසා දැම්මට උපදෙස් දුන් බව හලාවත නගර සභා සෞඛ්‍ය ඒකකය කියයි. හලාවත, මයික්කුලමේ සිටි පැමිණෙන මෙම සේවකයා සම්බන්ධයෙන් සිදුකෙරුණ වෛද්‍ය පරික්ෂණ අනුව ඔහු කෝවිඩ් 19 ආසාදිතයකු ලෙසින් හඳුනාගත් බැවින් මෙම තීරණය ගත් බවත් එම ඒකකය කියයි.
මෙම වෙළඳසලේ සියලු සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරික්ෂණයන් අද (28 දා) සිදු කිරිමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව වෙළෙඳසැල විවෘත කරන්නේ දැයි තීරණයක් ගන්නා බවත් කියයි.
පොල්පිතිගම
පොල්පිතිගම බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන පවුල් අතරින් 150 දෙනකුගේ පී.සී.ආර්. පරික්යෂණන් අද (28) වැනිදා පෙරවරුවේ සිට සවස් වන තෙක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදු කරන බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනිල් රත්නායක මහතා පවසයි. පොල්පිතිගම බල ප්‍රදේශයෙන් මේ වනවීට හඳුනාගත් රෝගි තත්වයේ පසුවන රෝගීන්ගේ පිරිස දස දෙනෙකි. වයඹ පළාත තුළ යම් අවදානම් තත්වයක් තිබුණත් පොල්පිතිගම කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට නොමැති බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
ගලෙන්බිඳුනුවැව
ගලෙන්බිඳුනුවැව සතිපොළේ වෙළඳුන් අහඹු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කිරීමට යාමේදී වෙළෙඳුන් හා නිලධාරීන් අතර ඊයේ (27 වැනිදා) ඇති වූ නොසන්සුන්තාවක් දුරදිගයාමෙන් පසු සෞඛ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය කියයි. සෞඛ්‍ය බලධාරීන් පැමිණ සතිපොළේ අහඹු ලෙස ඇන්ටිජන් පරික්ෂාව සිදු කරමට සුදානම් වූ ප්‍රදේශයේ අය හැර සෙසු වෙළෙඳුන්ට පොළෙන් ඉවත්වන්නැයි දැනුම් දී තිබේ. ඒ අවස්ථාවේදී එසේ නොකර සියලු දෙනාම පරික්ෂණයට භාජනය කරන ලෙස වෙළඳුන් ඉල්ලා සිටීමෙන් පසුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
මෙහිදී වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරිහු එම ස්ථානයට පොලීසිය කැඳවූහ. අනතුරුව පොළෙහි සිටි මාළු වෙළෙඳුන් 6 දෙනකු ඔවුන්ගේ කැමැත්ත මත ඇන්ටිජන් පරික්ෂාවට ලක් කර එයින් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ සඳහන් කිරීමෙන් පසු දහවල් 12.30 ට පමණ පොළ වසා දැමීමට කටයුතු කළේය. ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පොලීසියට කළ පැමිණිල්ලක් මත සෞඛ්‍ය සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වෙළෙඳුන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව කුමාර මහතා සඳහන් කළේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය කියයි.
0 Comments