covid19-findings

යම් පෘෂ්ඨ මතුපිටක් ස්පර්ශ කිරීම හෝ යම් වස්තුවක් අතින් ඇල්ලීම මගින් හෝ COVID-19වෛරසය ආසාදනය වීමක් සිදුනොවන බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. 

එහෙත් රෝගය ආසාදිත පුද්ගලයෙකු හෝ එවැන්නෙකුගෙන් පිටවූ වෛරසයක් වෙත ඍජුවම නිරාවරණය වීම හරහා මෙම වෛරසය ආසාදනය වන බව එම මධ්‍යස්ථානය පවසයි."මෙලෙස යම් පෘෂ්ඨයක් ස්පර්ශ  කිරිමේදී ඒ මත තැත්පතුව ඇති වෛරස අංශු අපගේ සිරුර හා ගැටීමෙන් වෛරසය බෝවීමේ හැකියාවක් තිබෙනවා එහෙත් එය ඉතාමත් අඩු මට්ටමේ අවදානමක්.” එම මධ්‍යස්ථානයේ උපදෙස් තුළ අඩංගුව ඇත. මෙම COVID -19 වසංගත තත්වය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේදී නිවේදනයක් නිකුත් කළ එම මධ්‍යස්ථානය පෘෂ්ඨයක් මන තැන්පත්ව පවතින වෛරසය අඩංගු අංශු තවත් අයෙකු වෙත සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බව සඳහන් කර තිබුණි.

පසුව එම වසරේ මැයි මාසයේදී නැවතත් එම මධ්‍යස්ථානය මගින් එවැනි සම්ප්‍රේෂණයක් පහසුවෙන් සිදු නොවන බවක්ද සඳහන් කර තිබුණි.පසුගිය වසරේදී එම මධ්‍යස්ථානය සිදුකළ සඳහන් කිරීම අනුව ලොව බොහෝ රටවල් සිය රටවල පොදු ජනතාව ගැවසෙන ස්ථාන දැවැන්ත පිරිසිදුකරණ වැඩසටහන් වෙත ලක් කළේය. එහෙත් එවැනි විෂබීජහරණයක් අවශ්‍ය නොමැති බව එම මධ්‍යස්ථානය අද වනවිට සඳහන් කරයි. එහිදී යම් සරල පිරිසිදු කිරීමක් COVID-19 වසංගතයට එරෙහිව සාර්ථක බවත් ඔවුන් පවසයි