covid19-government

කොරෝනා තෙවැනි රැල්ල හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයින් පෙර සතිවල කාර්යාලයට ගෙන්වූ ආකාරයට කටයුතු කළ නොහැකි බැවින් ඔවුන් සේවයට කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබේ.


 සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් ඊයේ (23) දිනයේ ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කළ බවත් ඒ අනුව රාජ්‍ය සේවකයන් කාර්යාල වලට කැඳවන ආකාරය පිළිබද වෙනස් තීරණයක් ගැනීමට නිගමනය වූ බවත්ය. වැඩිදුර සාකච්ඡා කොට ලබන සතියේ සැලසුම දන්වන බවයි.
 සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) ප්‍රකාශයට පත් කළ නව මාර්ගෝපදේශයට අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර දී  තිබෙන අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවට සටහනක් යොදා තිබුණි.