covid19-reasearch-findings

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදනය වී එය සුවඅතට පත් වූවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තුළ මාස තුනක කාලයක් යනතුරු මානසික සහ ස්නායු ආබාධ පවතින බව අලුත්ම අධ්‍යයනයක් මගින් අනාවරණය කර සිටියි.

ඒ අනුව COVID-19 ආසාදනය වන පුද්ගලයන් තුළ ස්වශන මාර්ගයේ සිදුවන ආසාදනයට වඩා දරුණු ලෙස මොළය  හා සම්බන්ධයෙන් හානි සිදුවීමේ වැඩි අවදානමක් පවතින බව පැහැදිලී යැයි මෙම අධ්‍යයනය සිදුකළ පර්යේෂකයන් සඳහන් කර සිටියි.

මෙහිදී ඔවුන් COVID-19 | වෛරසය ආසාදනය වී සුවඅතට පත්වූවන් 230,000ක් පමණ වන රෝගීන්ගේ සෞඛ්‍ය වාරිතා පිළිබඳව අධ්‍යයනය කර  තිබේ. ඒ අනුව ඉන් 34% කට ආසන්න ප්‍රතිශතයක් තුළ මාස 6ක කාලයක් ඇතුළතදී ස්නායු ආබාධ සහ මානසික සංකූලතා හටගත් බව අනාවරණය වී තිබේ. මෙහිදී එම පිරිස් අතර පැවැති පොදු තත්වය ලෙස රෝගීන්ගෙන් 17% ක් තුළ වික්ෂිප්තභාවය හඳුනාගෙන ඇති අතර, තවත් 14 % ක් තුළ මානසික ආබාධ තත්වයන් හඳුනාගෙන ඇත. මීට අමතරව 13 % ක පමණ රෝගීන් ප්‍රතිශතයක් තුළ ඇතිවුණු ආබාධ තත්වයන් ඔවුන් මානසික ආබාධ තත්වයකට මුහුණදුන් පළමු අවස්ථාව ලෙසද වාර්තා වී තිබේ. මෙම අධ්‍යයනයේදී පරියේෂකයන් ඉන්ෆ්ලුවෙන්සා උණ තත්වය ආසාදනය වී සුව අතට පත්වූ ලක්ෂයක් පමණ වන රෝගීන් සම්බන්ධයෙන්ද විමසා තිබේ. ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා උණ වැලඳුනු පිරිසට වඩා COVID-19 ආසාදනය වූ පිරිස අතර මෙලෙස ස්නායු  ආබාධ සහ මානසික ආබාධ ඇනිවීමේ  44% ක ප්‍රතිශතයක් පවතින බව මෙහිදී හඳුනාගෙන ඇත. එසේම COVID-19 සුව වූ රෝගීන් සතු ශ්වසන ආබාධමය තත්වය 16% ක ප්‍රතිශතයකින් ඉහළ බවටත් මෙම අධ්‍යයනය පවසා සිටියි.