covid19-research

නියමිත ශරිර ස්කන්ධයක් පවත්වාගෙන යාම සහ යහපත් කොලස්ට්රෝල් මට්ටමක් පවත්වාගෙන යාම නව කොරෝතා හෙවත් COVID-19 වසංගතය ආසාදනය වීමෙන් ගැලවිය හැකි මාර්ගයක් බව එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

මීට පෙර සිදුකරන ලද අධ්‍යයනයකට අනුව අදියර-2 දියවැඩියා තත්වයෙන් පෙලෙන පුද්ගලයන් සහ ඉහළ ශරීර ස්කන්ධ දර්ශකයක් සහිත පිරිස් අතර COVID-19 වෛරසය හා සම්බන්ධ දරුණු තත්වයක් හට ගන්නා බවට හඳුනාගෙන තිබුණී. කෙසේ වෙතත් මෙම අලුත්ම අධ්‍යයනයට අනුව ශරිර ස්කන්ධය මෙන්ම සිරුරේ පවතින කොලෙස්ටරෝල් මට්ටමද COVID-19 ආසාදනයවීම සඳහා වැඩි අවදානමක් ඇති කරවන බව පෙන්නුම් කර තිබේ."අපේ අධ්‍යයනයේ සොයා ගැනීම් අනුව මිනිසුන්ට මේ COVID-19 ආසාදනයවීමේ අවදානමෙන් මිදීම සදහා අනුගමනය කළ හැකි සෞඛ්‍යමත් පුරුදු පිළිබදව හදුන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම සිරුරේ බර පාලනය මේ කාලයේදී ඉතාමත් වැදගත් දෙයක්. ඒවගේම සිරුරේ කොලෙස්ටරෝල් මටිටමත් නිසි ලෙස පවත්වාගෙන යාම සුදුසුයි.

ඒ සඳහා නිතිපතා ව්‍යායාම කරමින්, සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට යොමුවීම වැදගත්." පර්යේෂකයන් පවසා සිටියි.මෙම අධ්‍යයනයට අනුව COVID-19 ආසාදනය වූ පිරිස් අතර ස්ථුලභාව හෝ අදියර-2 දියවැඩියා තත්වයන් පවතින බව හඳුනාගෙන ඇත. එහෙත් වෛරසය ආසාදනය නොවුණු පිරිස අතර ඉතාමත් හොද කොලෙස්ටරෝල් මට්ටමක් සහ හොද නිරෝගී ශරීර ස්කන්ධයක් පැවැති බවත් හඳුනාගෙන තිබේ.