කොරෝනා නිසා මියගිය අය සම්බන්ධ සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ දිනයේ 2 නෙකු මියගිය බවට සටහන් පැවති අතර ඉන් එක් අයෙකු සිරියානු ජාතිකයෙකු බව වාර්තා වී තිබේ.
මෙම සිරියානු ජාතික පුද්ගලයා නාවික කපිතාන්වරයකු ලෙස සේවය කරමින් සිටි අතර කොළඹ 02 ප්‍රෙද්ශයේ පදිංචිව සිටියේය. කලීඩ් නිජාම් නමැති 46 හැවිරිදි අයකු වූ ඔහුට කොරෝනා ආසාදිත වීමෙන් පසු පුද්ගලික රෝහලකට යොමු කර එහි ප්‍රතිකාර ලබාගනිමින් සිටි බව පැවසේ.
මේ අතර තත්වය උත්සන්න වන අවස්තාව වන විට ඔහුව කොළඹීන් මහනුවර ජාතික රෝහලට මාරු කර තිබී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය මත නිව්මෝනියාව ශ්වසන හා හෘද ක්රියාකාරීත්වයේ දුර්වලතා පැනනැගිණි
අනතුරුව ඊයේ (24) මහනුවර ජාතික රෝහලේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
0 Comments