covid19-usa

 'කොවිඩ් 19 වයිරස ආසාදිතයන් වර්ග  කිරීමට ඇමෙරිකන්  විද්‍යාඥයන්  සමත් වී සිටින අතර, ඔවුන් පෙන්වා දෙන්නේ,  කොරෝනා රෝගීන් මෙසේ වර්ග කිරීමෙන්, ඔවුන්ට ලබා දෙන ප්‍රතිකාර, ඔවුන් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටලු ආදිය සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් කළ හැකි බවය. ඇමෙරිකන් විද්‍යාඥයන් කොවිඩ්  19" ආසාදිත රෝගීන් වර්ග 3 කට වෙන් කර ඇති අතර, එසේ වර්ග කර ඇත්තේ, එම රෝගීන්ට ඇතුවුණු සංකූලතා සහ ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් සායනික පර්යේෂණවලට යොමු කිරීම ආදී කරුණු මුල්කොට ගනිමිනි.





වර්ග කිරීම සිදු කර ඇත්තේ වයිරසය ආසාදනය වීමෙන් පසු රෝගී තත්ත්වය උත්සන්න වී රෝහල්ගත රෝගීන් 4,000  කට වැඩි පිරිසක් අධ්‍යයනය කිරිමෙනි. මෙම අධ්‍යයනයට ඇමෙරිකාව පුරා රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවලින් දත්ත ලබා ගෙන තිබේ. ‘මෙසේ වර්ග කිරීම් හරහා අප දන්නවා,  එක් එක් රෝගියාගේ සංකූලතා සහ සෞඛ්‍ය තත්වය පිරිහීම අනුව, ඔහු හෝ ඇය වයිරසයට මුහුණ දෙන ආකාරය. ඒ අනුව වර්ග 3 කට කොරෝනා ආසාදිත රෝගීන් වර්ග කිරිම කළා.


මෙහි අරමුණ නම් කොරෝනා වයිරසය ක්‍රියාකරන ආකාරය සහ එහි ස්වභාවය අවබෝධ කර ගැනීමයි." යැයි ඇමෙරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති. එන්නත්කරණ වැඩසටහන නොකඩවා සිදුවුවත්, තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වෙන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්ත වන කොරෝනා ආසාදිතයන් ගණන 31,427,500 පසු කර ඇති අතර, මරණ වාර්තා  වන්නේ 5,69,000 ක් ලෙසය.