ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ලෙස සැලකෙන ඉන්දියාවේ Serum Institute ආයතනය මේ වනවිට යම් මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන බව වාර්තා වෙයි. ආසන්න කාලසීමාවේදී COVID-19 එන්නත් නිපදවීමත් සමග මෙම සමාගමේ ආදායම ඉහළ යාම සිදුවීය.කෙසේ වෙතත් ඉන්දියාව මේ වනවිට එරට නිපදවන COVID-19 එන්නත් අපනයනය නවත්වා තිබෙන නිසා එම සමාගම මෙලෙස අර්බුදයට පත්ව ඇතැයි පැවසෙයි.  ඒ අනුව සමාගම මේ අවස්ථාවේදී ඉන්දියානු රජයෙන් යම් මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තුව සිටින බවත් සඳහන් වෙයි.ඉන්දියාව තුළ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමත් සමග, එරට නිපදවන එන්නත් මුලින්ම එරට ජනතාවට ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ අගමැති මෝදි විසින් මෙම එන්නත් අපනයනය නැවැත්වීමට පියචර ගත්තේය. ඒ වන විටත් Serum Institute ආයතනය බ්‍රිතාන්‍යයේ ඔක්සෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ස්වීඩනයේ AstraZeneca සමාගම එක්ව නිපදවූ AstraZeneca එන්නත මහා පරිමානව නිපදවීමේ නිරතව තිබුණි.

Covishield ලෙස නම් වූ එම එන්නත් මිලියන ගණනින් රටවල් රැසක් වෙතම අපනයනය කිරීමද සිදුවිය.උත්ගතව පවතින මෙම තත්වයත් සමග, එම සමාගම වෙත ඉන්දියානු රුපියල් බිලියන 30ක් එනම් ඩොලර් මිලියන 408ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බව Serum Institute සමාගමඉන්දීය රජය වෙත දැනුම් දී ඇත. මෙම"මේ තත්වය අපි කවදාවත් සැලසුම් කළ දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වුණේ මෙම එන්නත් අපනයනය කරලා එම රටවලින් මුදල් ලබාගන්න. ඒත් දැන් එය සිදුවන්නේ නැහැ. අපිට දැන් අපේ ධාරිතාව ගොඩනගන්න වෙනත් ක්‍රමවලින්මුදල් සොයන්න වෙලා තිඛෙනවා.” එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර් පූනාවාලා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.මේ දක්වා එම සමාගම මගින් මෙම Covishield එන්නත් මිලියන 2ක් නිපදවා ඇත. එම එන්නතක් ඉන්දීය රුපියල් 150ක සහනදායී මුදලකට ලබාදීම සිදුවිය. අපනයනයේදී එහි වටිනාකම ඊට වඩා වැඩි විය.