සුමති සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පත් වූ 'දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ 'ධනුක " ලෙස ඔබේ ආදරය දිනාගත් දේව සුරේන්දු මෙවර තරු කතා බහට මෙසේ සම්බන්ධ කර ගත්තේමු. "දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින දේව ඒ පිළිබඳව අප සමග මෙසේ පැවසුවේය.
දේව කියන නමට වඩා ඔබ වඩාත් 'ධනුක' කියන නමින් නේද?
ඇත්තටම, වසර කිහිපයක් තිස්සේ මම 'දෙවෙනි ඉනිම' ටෙලි නාට්‍යය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණ මුල් කාලේ ලැබුණ රසික ප්‍රතිචාර අදටත් ලබනවා. ගොඩක් අය දේව කියන නමටත් වඩා දැන් මාව අමතන් නමින්. ඒතරමට මම ප්‍රේක්ෂකයන්ට "ධනුක' නමින් ලං වෙලා තියනවා.
ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම පසුගිය කාලේ රඟපෑවාත් අදටත් ඔබ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ධනුක" චරිතය තුළින් පමණයි?
ටෙලි නාට්‍යය පසුගිය වසර දෙක තුනේම ජනප්‍රිය ලැයිස්තුවේ තිබුණානේ. ටෙලි නාට්‍යය ජනප්‍රිය වුනාම ඒකේ රගපාන චරිතත් ඉබේම වගේ ජනප්‍රිය වෙනවා. මම හිතන්නෙත් 'ධනුක” කියන චරිතයත් ප්‍රේක්ෂකයන් අතර නිතරම ජනප්‍රිය වෙන්න හේතුව ඒ හින්දා වෙන්න ඇති. මීට මාසයකට පෙර විකාශය නිමා වුණ 'සිහින සමාගම” ටෙලි නාට්‍යයේ මා රගපෑවා. ඊට අමතරව "සද එළිය' හා 'හිරු ඇවිදින් කියන ජනප්‍රිය ලැයිස්තුවේ ටෙලි නාට්‍යයවලත් මම රගපෑවා. නමුත්, මේ හැම එකකටම වඩා අදටත් මාව ප්‍රේක්ෂකයෝ අදුනන්නේ 'දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයක් 'ධනුක' කියන නමින්.
ධනුක' කියන චරිතය ඔබේ ජීවිතයට සමාන එකක්ද?
බොහෝදුරට. මටත් ඉන්නවා නංගී කෙනක්. ඒ නගීට මම ආදරය කරන තරමට "දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ දෙව්මිටත් ඒ සමාන ආදරයක් දක්වනවා. ටෙලි නාට්‍යයේ දර්ගත කරද්දී මට අමාරුවක් වුණේ නැහැ. මොකද මගේ සැබෑ ජීවිතෙත් මටත් නංගී කෙනෙක් ඉන්න නිසා. ඇයට දක්වන ආදරය සෙනෙහස මම 'දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ 'දෙව්මිටත් දක්වනවා. 'ධනුක' කියන චරිතය තුළත් මගේ සැබෑ ජීවිතේට සමාන ලක්ෂණ බොහෝමයක් තියෙනවා.
ඔබ වර්තමානයේ සිටින ජනප්‍රිය නළුවන්ගෙ ලැයිස්තුවේ ඉන්නවාද?
ඇත්තටම මම දන්නේ නැහැ මම ජනප්‍රියද නැද්ද කියලා. මනාප ලැයිස්තුවල මගේ නම නැති වුණත් මටම ආදරය කරන රසික පිරිසක් මා වටා ඉන්නවා කියලා කියන්න පුඵවන්. උදාහරණයක් විදිහට ගන්නකෝ මගේ ගුරුතුමා මහේන්ද්‍ර පෙරේරා කියන කලාකරුවා. ඔහුව අද නොදන්න කෙනෙක් නැහැ. රුවින් සමහර අයට අදුන ගන්න බැරි වුණත් නම කියූ සැණින් පමණක් මහේන්ද්‍ර පෙරේරා කියන කලාකරුවාව ඕනම කෙනෙක් දන්නවා. මටත් අවශ්‍යයි අන්න ඒ විදිහට ජනප්‍රිය වෙන්න. මගේ නම ලංකාවේ හැම කෙනෙක්ම දන්න කෙනක් ක්වෙන්න.
'දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයත් එක්ක වැඩ කරද්දී තවත් නිර්මාණයකට යොමු වෙන්න කාලයක් ඔබට තියෙනවාද?
තියෙනවා.'දෙවෙනි ඉනිම” විකාශය වෙද්දි මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වුණා. තවත් නොබෝ දිනකින් සංජුල දිවාරත්න මහත්මයාගේ "සිත්" කියන ටෙලි නාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. එහි මම 'සදේව් ' කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙලා මේ දිනවල මම වැඩ කරනවා. පසුගිය කාලෙ කෙරුණු තවත් නිර්මාණ කිහිපයකුත් තියනවා ඉදිරියට විකාශය වෙන්න
දැනට දේව ටෙලි නාට්‍යය කොපමණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවාද?
මම ටෙලි නාට්‍යය ක්ෂේත්රයට සම්බන්ධ වු 2013 වසරේ. මුලින්ම රගපැවේ නිසල් රත්නායකගේ " දම්සාරී' ටෙලි නාට්‍යයට. එදා ඉදලා අද වෙනකම් මම ටෙලි නාට්‍යය 15කට ආසන්න ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා 25කට වඩා වැඩි ප්‍රමණයකට දායක වෙලා තියනවා. ඉදිරියට තව ගීත රූප රචනා කිහිපයක් නිකුත් වෙත්තත් නියමිතයි.
බුද්ධික සේනාධීර
0 Comments