මීගමුව කලපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම රොන්මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී ඇත.  2018 දී ධීවර අමාත්‍යාංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියේ මෙම රොන් මඩ තොගය ගොඩ දමා ඇති අතර ගම්පහ දිසා අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්න ද ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.ම

ේ සම්බන්ධව දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති බවට ඉකුත් 31 වැනිදා පළ වූ මාධ්‍ය වාර්තා අනුව මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය කියයි.පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යාව සමීක්ෂණ හා පතල් කාර්යාංශය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශවල ලේකම් හා රාජ්‍ය ලේකම් සමග සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර වැලි වෙන්කර ගැනීම ගැන වහා සොයා බලන ලෙස එහි දී ලේකම්වරයා උපදෙස් දී ඇත. නිලධාරින් පිරිසක් වහා එහි යවා ඊට අදාළව පියවර ගෙන තමන්ට වාර්තා කරන ලෙස ද ලේකම්වරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට තවදුරටත් උපදෙස් දී තිබේ.මෙම පියවර සාර්ථක වුවහොත් මෙම ගැටලුව එතැනින්ම අවසන් කළ හැකි බවද පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ අනිල් ජාසිංහ මහතා  ඊයේ පැවැසීය.

 (විනීතා එම්. ගමගේ)