අද මාතෘකාව තමයි ලංකාවේ ව්‍යාපාර කරනන් පුළුවන් වටපිටාවක් තිබෙනවාද ? විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සේ ලෝකේ ආර්ථීක සියල්ලම පාහේ සෘණ බවට පත්වෙද්දී ධන අර්ථීකයක් තියෙන චීනේ ගැන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි චීනේ එහෙම වුනාට අපිට මේ ඉලක්කය ආසන්නයටවත් යන්න බැරිකමක් තියෙනවා. 

අපි එක තැනක හිර වෙලා ඉන්නවා. එතනින් එහාට අපි කෙහොමද අුාර්ථීකය පන්න ගන්නේ? අපි අපේ රටට ගෙන ආයෝජන සම්බන්ධයෙන් සතුටුයිද දැන්? කොවිඩ් වලින් පස්සෙත් රජට ලබාදුන්න ඉලක්කම් වලට  යන්න පුළුවන්ද?ආඩු ගානේ අපි ඒ මාවතේ ඉන්නවාද? අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා මෙරට අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහත්මයා.

මම මුලින්ම කතාව පටන් ගන්න කැමති කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන්. මොකද ලංකාවේ ආර්ථීකය ගැන කතා කරනාකොට වරාය නගර ආර්ථීක කොමිසන් සභා පනත මේ දවස් වල විශේෂම මාතෘකාව. නීතිරිති අනපනත් සමාගම් පනතේ ඉඳලා ගත්තාම විශාල ප්‍රමාණයකින් අපි ආවරණය වෙනවා ව්‍යාපාරිකයෝ විදියට. මේවගේ දේවල් වලින් ආවරණය වෙලාත් අපි තවදුරටත් අලුතින් දේවල් ගෙන්න ඕනද වරාය නගරයකට?

මගේ success එකට එක හේතුවක් කියන්නම්කෝ.. මගේ success එකට හේතුව තමයි රට ඇතුලේ මොනවහරි කරනවානම් අවුරුදු 6ක් තියෙන්න ඒනේ පටන් ගන්න. එ කියන්නේ මොනවහරි බිල්ඩින් එකක් හදලා එක පටන් ගන්නවා නම් අවුරුදු 6ක් තියෙනවා. දැන් අපේ කම්පැනි එක ඇතුළේ policy එකක් තියෙනවා එගොල්ලන්ට ඕන දවසට අවුරුදු 6කට ඉස්සේල්ලා තමයි අපි පටන් ගන්නේ. අපි පටන් ගන්නවා කියන්නේ අපි දන්නවා අවුරුදු 6කින් තමයි අපි foundation එක දාන්නේ කියලා.. මොකද අපි ගත්ත හැම approval එකකටම අවුරුදු 6කට වඩා ගිහිල්ලා තියෙනවා..


ඔබට ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා විදියට ඔබේ group එක හේලිස් එකට හරි valible එකට හරි මොකක්හරි වැඩක් කරගන්න ගියාට පස්සේ අද ගිහිල්ලා පටන් අරගෙන මොකද ඔබ අංක එකේ ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරික ආයතනයක් විදියට යන හින්දා එක පහසුවෙන් කරන්න බැ එ කියන්නේ?

බැ එහෙම කරන්න බැ.. අපි මොනවහරි පටන් ගන්නවා නම් අපි දන්නවා වැඩේ. සමහර මගේ projects තියෙනවා අවුරුදු 15 ගිය ඒවා. මට විෂන් එකක් තියනවා අවුරුදු 15කට පස්සේ කරන්න ඕන project එක අද approval ගන්න ඕනේ. එක board meeting එහෙක එයාලා ඇහුවා අයි මේච්චර ගොඩක් ඕනේ. මම කිව්වා මේ එකක්වත් අපේ ලබන අවුරුද්දේ cashflow එකට බලපාන්නේ නැ.. මිනිමම් අවුරුදු 5ක් 6ක් යනවා. සමහරක් ඒවා 10ක් යයි සමහරක් ඒවා 15ක් යයි. සමහරක් වේලාවට 15ක් ගිහින් තියෙනවා මේ රට ඇතුළේ. මෙකේ investment එක කරන මිනිහා තමයි මෙකේ දුක දන්නේ.. ගොඩක් අය fail වෙන්න හේතුව තමයි environment එක දන්නේ නැ. සල්ලි ටික ලැස්ති ඔක්කොම කරලා බාගෙට වියදම් කරලා පටන් ගන්න හදනවා. පටන් ගන්න බැහැ. approvals නැ. අර මිනිහා නිකන්ම බංකොලොත් වෙනවා.


එක නිසාද doing business index එකේ අපි 99ට ඉන්නේ?
නැත්තම් ඉතිං මොකද්ද හේතුව...

ඔබ ආයෝජන මණ්ඩලයේ සභාපති කෙනෙක් විදියට හිටියා one stop shop එක ඔබ අඳුන්වලා දෙන්න ඔබ කටයුතු කරා එතකොට ඒ කියලත් අපිට මේ පල්ලේහාට එන්න බැරි වුනානේ list එකේ.එහෙනම් එතන නෙමේ නේද ප්‍රශ්නේ තියෙන්නේ?
බලන්න ගිහිල්ලා ඒ වේලාවේ මම කීයද කියලා.south Asian  වල number 0ne investment එක තමයි ලංකාවේ. මම ඉන්නකොට ගත්තේ එක..


investor කෙනෙක් එනවා නම් රටට investment එකක් කරනන රටට එක එ මනුස්සයාගේ investment එකක් මිසක් මේක බලන් ඉන්න මිනිසුන්ගේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ investment එක රටේ නීතියට අනුව සිද්ද කරනාවද කියන එක විතරයි වැදගත්. ඇයි එගොල්ලන් අර investor ගේ dream එක බලන්න හදන්නේ? හීන ජාති දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ට පේන හීන. තමන්ට පේන හීන වල සුභ අසුභ දෙකක් තියෙනවා. හැබැයි අනුන්ගේ හීන හිතන්න ගියොත් එක හැමතිස්සේම භායානක හීන පෙන්නේ.

සමාන්‍යෙයන් අපි හීන බැලුවාට අපි රටක් විදියට බලන්න ඕන රටේ හීනේ ගැනනේ.. එතකොට ඉතිං අනුන්නේ හැමතිස්සේම...
රට හීන දැකලා රට develop වෙලා තියෙනවද? රට අඩියක් හෙල්ලිලා තියෙනවද 2014න් පස්සේ?

ඔබ හිතන්නේ මොකද්ද හේතුව?
මේකට basic principles තියනවනේ.. රටක human capital එක තමයි හොඳටම හදන්න ඕනේ.. එක හැදිලා නැත්තම් හොඳම උදාහරණයක් කියන්නම් අවුරුද්දට ජිවත් වෙන්න ආණ්ඩුවෙන්  පවුල් ලක්ෂ 30කට රුපියල් 5000 ගානේ දුන්නා.. රටේම තියෙන්නේ පවුම් ලක්ෂ 57යි.. මේ හම්බ නොවුණ පවුල් කීයද තියෙන්නේ? පවුල් ලක්ෂ 27යි. එ කියන්නේ අනිත් මිනිස්සුන්ට ජිවිත් වෙන්න බැනේ.. ලක්ෂ 30කට අමාරුයි.. ඒ කියන්නේ රටේන් බාගෙගට ජිවිත් වෙන්න අමාරුවෙන් ඉන්නේ.. මේක ජාති දෙකයි ´tax file එකක් තියෙනවා නම් එයාට හම්බ වෙන්නේ නැ.. එයා කෙහේහරි තැනක ETF /EPF හම්බ වෙනවා නම් එයාට හම්බ වෙන්නේ නැ.. රජයේ රැකියාවක් කරනවා නම් එයාට හම්බ වෙන්නේ නැ...


එතකොට ETF /EPF ගෙවන අය ඉන්නවා ලක්ෂ 26ක්. එතකොට ඒ ලක්ෂ 26න් ඇත්තටම කිව්වොත් 2% ඉන්නේ මගේ ළඟ. එහ කියන්නේ මගේ ළඟ 58 000ක් ඉන්නවා.. මම එතතොට රස්සාවල් දීලා තියෙනවා private sector ඉන්න අයගෙන් 2%ට. එතකොට ඒ ලක්ෂ 26යි ආණ්ඩුවේ ඉන්න ලක්ෂ 15යි. ලක්ෂ 41 ක් තමයි ලීගලි කෙහෙහරි තැනක වැඩ කරන්නේ.. මේ ලක්ෂ 41කට අමතර පවුල්නේ මේ ඔක්කොම.. ඉතිං මේ රට දුප්පත් කියන එක තේරෙන්නේ නැද්ද?

නමුත්ඔබේ ව්‍යාපාර ගත්තොත් මේ ගෙවුන කාල වකවානුව තුළදී ඔබ කෝටි 500කට එහා ලාභ ලබපු පුද්ගලයෙක්.
මිනිස්සු රටේ පෙහොසත් වෙන්නේ නැතුව ලොකු පොසත්තු හැදෙන්නේ නැහැ. ලෝකේ පොසත්තු කියන්නේ ඩෝලර් වල බිලියන ගණන් තියෙන අය.. අපිව ගත්තත් ලෝකේ අනිත් අයත් එක්ක හිතනවද ලොකු පොසත්තු කියලා අපි?ලෝකේ ඉන්න අයත් එක්ක මම හරි පොඩි එක්කෙනෙක්. රටේ මිනිස්සු පොහොසත් වෙන්නේ නැත්තම් අනිත් අයට මොනවත් කරන්න බැහැ.




අඩු අදායම්ලාභීන් කියලා කියන්නේ එක්කෝ ඒ මිනිස්සු ඉගෙනගෙන නැ.. සමාජයේ රස්සාවක් කරන්න තරම් ඉගෙන ගත්තා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැනේ.. සක්ෂරතාවය කියලා කියනවා.. ඉස්සර සක්ෂරතාවය කියලා කිව්වේ අකුරු කියවන්න පුළුවන් එක.  අකුරු කියවන්න පුළුවන්  මොකටද දන්නවද? ගෙදර අතරමං නොවී යන්න පුළුවන් වෙන්න. එ කියන්නේ පාරේ තියෙන බෝර්ඩ් එකක් කියවගන්න පුළුවන් වෙන එකට. අද සක්ෂරතාවය  කියන්නේ රස්සාවක් කරන්න පුළුවන් එකට.  රස්සාවක් කරන්න බැරි නම් අද හොඳම උදාහරණය තමයි මේ රුපියල් 5000 දීපු ලක්ෂ 30. එතකොට එයාලට රස්සාවක් කරන්න සක්ෂරතාවයක් නැහැ. එ කියන්නේ රටේන් 50%කට එක නැ.

ව්‍යාපාර සක්ෂරතාවය නම් ප්‍රශ්නයක්?
ව්‍යාපාර කියන්නේත් රටේ මේ ඔක්කොම economy එකේ තියෙන සම්පුර්ණ ප්‍රමාණයනේ..ඒ ප්‍රමාණයෙන් කොටසක්නේ අපිට කරන්න පුළුළුන්.. අපේ වෙන රටවල ව්‍යාපාර තියෙන නිසා අපි එවයිනුත් හම්බ කරලා ලංකාවට නේ ගෙන්නේ.. හැබැයි අපි කැමති මෙකේ ඇතුලේ ඉන්න මිනිස්සු ටික ඉගෙනගෙන පොසත් වුනොත් තමයි අපේ ප්‍රශ්න විසඳෙන්නේ.


ගෙවුන බ්‍රහස්පතින්දා ගත්තොත් ඩෝලර් එකේ විකුණුම් මිල 204 යි.ඊටපස්සේ 195ක විතර සීමාවට ඇවිත් තියෙනවා.. ඔබතුමාගේ ව්‍යාපාර ගත්තොත් ඩෝලර් වලින් උපයන ව්‍යාපාර තමයි තියෙන්නේ. මේවායි මිල ඒවා කෙහොමද මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට දැනිලා තියෙන්නේ?
රටේ ගොඩක් කට්ටිය මෙකට බයවෙලා කෑගහා ගහා ඉන්නවා. අපිට වැඩි වෙලා හරියන්නෙත් නැ අඩුවෙලා හරි යන්නෙත් නැ. අපිට මේ වගේ රටක 3% deprecation එකක් තිබ්බට කමක් නැ. මොකද  මෙහෙ export කරන්නේ highen බඩු නෙමෙයි. එතකොට lowhen බඩු export කරන රටවල් සමාන්‍යෙයන් අපි ඉන්දියාව ගන්න.. ඉන්දියාවේ වුනත් ඩෝලර් කොච්චර තිබ්බත් එයාලා currency එක depreciate කරනවා. වෙන රටවල් currency තිබුනත් currency  එක පොඩ්ඩක් depreciate කරගන්නවා ඩෝලර්ස් තිබුනත්. අපේ හොඳටම ගන්න පුළුවන් balance of payment වල net. net කියන්නේ ඔක්කෙම එකතු කලාම අන්තිමට එන net එක - 2 billion dollars.රටේ ප්‍රශ්නේකට තිබුනොත් ඔය 2 billion dollars වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මම බැලුවා 2020 නොවැම්බර් වල එතකොට බිලියන 6400ක් විතර තමයි dollars වලින් ණය තියෙන්නේ. dollar බිලියන 200න් බෙදුවොත්. ඩොල්ර් බිලියන 32ක් විතර. ඔන්න ඔය 32ක අපට අර බිලියන 2ක් මයිනස් නේ..additional 2 billion barrow කරොත් 32ක 34 වෙනවා.. එහෙම කරගෙන යන්නත් පුළුවන්..එ කියන්නේ 2 billion එක මදි.ජාති දෙකක නය කොටස් තියෙනවා. එකක් ඇවිල්ලා capital එක ගෙවනවා. අනිත් එක ඇවිල්ලා interest එක ගෙවනවා. interest  එක තමයි රටේ burn  වෙන්නේ. capital එක  ගෙව්ව ගමන් අර 32 billion වලින් නේ අඩු වෙන්නේ. එතාකොට අපි තව කෙහෙන්හරි එකට හරියන ණයක් ගන්නවා. උදාහරණයක් විදියට ලංකාවේ ඉන්න සමාන්‍ය ජනතාව මුලින්ම රුපියල් 50 000ක් විතර ණය වෙනවා. ඊටපස්සේ  ලක්ෂයක් ණය වෙනවා ඊඨපස්සේ දෙකක් ණය වෙනවා. ඔහොම  ඔහොම ඔහොම තමන් ලොකු වෙනකොට ණය වැඩිවෙනවා.ලෝකේ අනිත් රටවලුත් ඔහොම තමයි.


ඔබ කියන විදියට ලේසිනේ අපි එකපාරම ඉල්ලනවා 5 billion විතර අරගෙන ඇවිල්ලා මේකේ ප්‍රශ්න විසදලා අපිට ඩෝලර් එක ස්ථාවර කරලා තියාගන්න පුළුවන්නේ මේ වේලාවේ..

ඉතිං එකනේ ඔය කරේ.


හැබැයි ඒ වුනාට ප්‍රමාණය මදි නේද මේ ගත්ත ප්‍රමාණය?
ඉතිං... හතරෙන් එකකට 500යි ඕනේ. ඒ 500 හරියට ආණ්ඩුව ගෙනාවොත් ඔ්‍ය මුකුත් ප්‍රශ්න එන්නේ නැහැ.

එහෙම වුනොත් අපිට ස්ථාවර කරන්න පුළුවන් ඩෝලර් එක?
අනිවාර්යෙන්ම.

ඔබ හිතන විදියට මේක 200 වගේවත් තියාගන්න පුළුවන් වෙයිද
ණය නොගත්තොත් යයි.ණය ගත්තොත් තියෙයි. ගන්න එක මත තමයි මේක තීරණෙ වෙන්නේ.

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ඩේලර් 4000 විතර සීමාවේ හිරවෙලා ඉන්නවා කියන කතාව ඔබ නිතරම කියන කතාවක්. හැබැයි 2020 රටේ ආර්ථීකය ගත්තාම 3.6කින් පහළ බැහැලා තියෙනවා.අපි ආයෝජන බලාපොරොතුතුවෙන් ඉන්න වේලාවක තමයි වරාය නගර ව්‍යාපෘතිය වගේ දෙයක් ගැන කතා වෙන්නේ. වරාය නගර ව්‍යාපෘතිය  අවොතින් අපිට හිස එසවීමත් තියෙනවද?

මේ ඔක්කොම dream නේ...දැන් වරාය නගරය ගොඩ කරලා තියෙනවා .නීතිය ගෙනල්ලා තියෙනවා. මේ දෙකම ඕනේ නම් 25%ක් ඕනේ නම් investment එකට බලපායි. තව 75%ක් තියෙන්න ඕනේ. හිතන්න investor කෙනෙක් එනවා airport එකෙන්. immigration officer හිනා වෙන්නේ නැතුව ගොරවලා කතා කරනවා. හිතනවාද ඒ මනුස්සයා  මේ රටේ සල්ලි දායි කියලා? එතකොට immigration එකේ ඉඳලා මේ human capital එක  build කරේ නැත්තම් මේ පොත අරන බලන්න tourism sector එකේ මම ලංකාව brand කරන්නේ කෙහොමද කියලා තියනවා. airport එකේ ඉඳලා officer ගේ ඉඳලා brand කරන්න ඕනි. අපි හිතුවොත් එහෙම නීතියක් ගෙනවා දැන් ඔක්කොම ටික හරි ප්‍රශ්න ටික හරි කියලා හිතනවාද ඔබ හරි කියලා?

රජයක් පත් වෙන්නේ මේ ඔක්කොම කරනවා කියලා නේ.. එතකොට සෞභග්‍ය දැක්මේත් තියෙන්නේ මේවා කරන්න බලාපොරොත්තුවක්. වරාය නගර ගැන අපිට බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කියලා වැඩක් නැද්ද? එකෙන් මේ කියන ඒවා ඔක්කොම කරන්න පුළුවන්කමක් නැද්ද ? විපක්ෂයේ කට්ටිය කියන්නේ රට විකුණන්න හදන්නේ. රට සීනාත් කරලා චීනේට දෙන්න හදන්නේ.ඒ එයාලාගේ කතාව.ව්‍යාපාරිකයෙක් හිටියට ඔබේ කතාව මොකද්ද?

මගේ කතාවක් නැ.  මේක ඇවිල්ලා world එකේ knowledge එකේ කතාවක් මම කියන්නම්. මම හැමතිස්සේම ඉන්නේ ඒ knowledge එක ඔළුවට අරගෙන. මම ඉස්සෙල්ලාම ගිහින් බැලුවේ මොනවද global financial services index එක මොනවාද requirement  එක. මමත් කැමති මේක එනවට. හැබැයි මේ කැල්ල විතරක් ඇවිල්ලා මදි..


එ කියන්නේ අනාවාර්යෙන්ම වරායේ වැඩ ඉවර කරලා යන්න ඕනි?
ඕව් යන්න ඕනි.. එතාකෙට මේවායි rating දෙයිද? රජයකට එක කොටසක් කරන්න පුළුවන්.හැබැයි මුළු රටේම ජනතාවට මේක අවබෝධයක් නැත්තම් මොකද එයාලා කරන්නේ? එගොල්ලෝ පාරට බහිනවා. එතකොට බැස්සට බස්සේ මොකද වෙන්නේ? මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නීතියානුකූලද කියන කැල්ල විතරයි තියෙන්නේ.මොනවාහරි යම්කිසි දේක නීතියානුකූල නොවන දෙයක් රජයකට කරන්න බැහැ. එකට උසාවිය තියෙනවා. එතතොට උසාවියේ judgment එකක් දෙන්න පුළුවන්. අපි මේ ආයි හිතනවා මේක ආවාට පස්සේ මේ ආණ්ඩුවට හොඳ වෙයි. ඓහම හොඳ වෙන්නේ නැ. අනිත් ඔක්කොම හදන්න එපැයි.


ලෝකේ එහෙමනම් නිත් අය හදලා තියෙන්නේ එහෙනම්?
ඒ දේවල් එයාලා ඉස්සර ඉඳලාම plan කරලා. ඒ මිනිසුන්ගේ රටකට ගිහින් බලන්නකෝ ඒ මිනිස්සුන්ගේ education එක කෙහොමද කියලා. ඒ මිනිසුන්ට ඉංග්‍රිසියෙන් internet එකට ගිහිල්ලා මේ ඔක්කොම ටික කියවන්න පුළුවන්. මම කියනවා වගේ අනිත් අයත් කියෙව්වා නම් ඉතිං මේ ප්‍රශ්නේ වෙන්නේ නැනේ..


ඒ කියන්නේ ඔය malasiya වල වුනත් macau වල වුනත් මේ ඔක්කොගේම මේ structure එක ගිහිල්ලා ඉවරවෙලා ඊටපස්සේද ඔය අවශ්‍යතාවය ඔය ඔතනට ආවේ?
ඒවා මුල ඉඳලාම plan එකේ , education එකේ ඉඳලාම තල්ලු කරගෙන තල්ලු කරගෙන  එනන් ඕනි. මේ කැල්ල හැදුවා කියලා මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්නේ නැනේ.. හොඳම උදාහරණය ගුජරාට්. ගුජරාට් වල ඉන්දියාවේ මේ වගේම lows හදලා තියෙනවා.. හැබැයි තිබුනට තාම වැඩ කරන්නේ 12,000යි. එයාලාගෙත් ලක්ෂ 5ක රාස්සා දෙන ඉලක්කයක් තියෙනවා. ඒත් 12 000 යි වැජ කරන්නේ.ඇයි ඒ? රටේ branding එක හරි නැ. ඒ area එකේ මිනිසුන්ගේ transport එක හරි නැ. ඉතිං හිතනවාද එහෙම මිනිස්සු එයි කියලා?


ඔබතුමා ගාව සංඛයා ලේඛණ තියෙනවා අනිකුත් රටවල් වල ආර්ථීක කලාප ආයෝජන කලාප කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලා?
ඔව්...දැන් මෙහෙම ගත්තට පස්සේ rank කරලා තියෙනවා business environment එක. එතකොට නිව්යෝර්ක්, ලන්ඩන්, හොංකොං, බීජිං , චැන්හායි, ඒවා තමයි ඒ ලිස්ටි එකේ ඉන්නේ.. ඊළඟට human capital. human capital එකේ අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ 30 000ක් university අරින රටක 15 000ක් job කරන්න produce කරන්න බැරි රටක.එතකොට මොකද්ද අපිට තියෙන human capital එක? infrastructure එක ගැන කතා කරනවා. එතකොට financial sector development, reputation and general. එතකොට ඕන කෙනෙක්ට ගිහිල්ලා download කරන්න පුළුළුන්. ඉතිං මේ reports ටික අරගෙන කියවලා බැලුවම තෙරේයි මේවගේ වැඩක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. දැන් අපි හිතුවොත් මේ legal වැඩෙන් කරලා දැන් රට හරි කියලා එහෙම වෙන්නේ නැ..


දැන් කියන විදියට චීන නගරය ආවම ඔක්කොම හරියනවා කියලා හිතුවේ.. ඒත් එහෙම වෙන්නේ නැ ඒ කියන්නේ?
සම්පුර්ණයෙනම් මේ චීන නගරය කියන එකත් වැරදියිනේ.. චීන නගරය කියලා කියන්නේ කෙහොමද investor තමයි මේ ඉඩම් developer විතරයි චීන company එක. හැබැයි American company එකක් ආවොත් එයා මේ ඉඩම දෙනවානේ? එතකොට කෙහොමද චීන නගරක් කියන්නේ? ඔයාට ගෙන්න පුළුවන් නම් ඔයාට වැඩිපුරම ඇමරිකාවෙන් investment. එහෙම නම් American නගරක් වෙනවනේ මේක..


නමුත් දැන් ඉතිං developer ඇවිල්ලා ඉන්නවා එයාට 43% ක් එයාට තමයි හිමිකාරීත්වය තියෙන්නේ.අපිට තියෙන්නේ 23%යි. අනිත් ඒවා ටික ගියාට පස්සේ ඉතිං දෙන්න දෙයක් ඇත්තේම නැ..

දැන් 43%ක් තියෙනවා එයාට.අපිට තියෙන්නේ අනිත් පැත්තට 57ක් කියලා ගන්න එපැයි..දැන් මොකද්ද ඒ කියපු 23 කතාව ?

ඒ කිව්වේ පොදු පාහසුකම් ටික අයින් කරලා..

ඉතිං පොදු පහසුකම් කියන්නෙත් මහජනයාගේ පහසුකම් නේ.. මහජනයාත් කියනනෙ මේ රටේ ජනතාවනේ.. ඒ මිනිස්සුනේ ගිහිල්ලා තණ කොළේ ඉඳගෙන ඉන්නේ.. ඒ මිනිස්සුනේ ගිහිල්ලා එතන කෑම කන්නේ.. ඒතකොට ඒ කියන කතාවම වැරදියිනේ..


රජය ආණ්ඩු පක්ෂයෙන් ඇහුවාට පස්සේ අලි සබ්බ්‍රි ඇමතිතුමාම කියන්නේ 100% මෙකේ හිමිකරීත්වය තියෙන්නේ ශ්‍රි ලංකා රජයට කියලා.. එතකොට 43% ක අපි කැමති කෙනෙකුට අදාළ සමාගමට පුළුවන් ආයෝංකයෙක් ගෙන්න ආයෝජකයාට අවස්ථාව දෙන්න.. එතකොට 23%ක් තමයි රජයට හැකියාව තියෙන්නේ ආයෝජනයක් සිදු කරන්න එයාලගේ part එක විකුණන්න. එතකොට පාර වල් තිබ්බා කියලා අපිට ආයෝජන ගෙන්න බැනේ?

මේක පටලන්න එපා.. අයිතිය කියන එක එකක්. 99 අවුරුදු බදු කියන එක තව එකක්. ඔයාට ඉඩමක් තිායනවා නම් ඔයාට අයිතියි ඔයාට පුළුවන් එක 99 අවුරුද්දට බද්දට දෙන්න. එතකොට පරම අයිතිය තියෙන්නේ ඔයාට නේද? ඒ කියන්නේ රජයට තමයි අයිතිය තියෙන්නේ එතකොට කෙහොමද අයිත් අර කතාව කියන්නේ? සම්පුර්ණම 100% රජයටනේ අයිතියි.


නමුත් එකේ ඊළඟ ප්‍රශ්න ටික ගත්තොත් වරාය කොටසට නෙමෙයි ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වුනේ. මේ භුමිය තුළ ගණුදෙනු සිදු වන්න් විදෙස් මුදල් වලින් විතරයි කියන එක. එතකොට මේකේ අපේ රුපියලට තැනක් දෙන්නේ නැතුව මිනිස්සුන්ට ගණුදෙනු කරන්න බැරුව අපේ රටේ දෙයක් නෙවෙයි වෙන කොහේහරි තැනක තියෙන එකක් වගේ හැඟීමක්නේ අපිට තියෙන්නේ.

මේවා කරන්න පුළුවන්.1978 ad no 4 කියන එකෙන් grater Colombo commission කියලා බියෝ එකට හැදුවා. හැබැයි මේ Colombo කියන වචනේම අවුරුදු දෙකකට පස්සේ 1980 එයාලට තේරුනා මේක හරියන්නේ නැ ඊටපස්සේ මෙයාලා කරේ ලංකාව වටේම license sources කියලා මේක මාරු කරා. එකත් තව ඉඳලා 1992 බියෝ අයි කියලා මුළු ලංකාවටම බලපාන්න මේ නීතිය හැදුවා. මමත් මේ Colombo ports commission built කියන එකට අකමැතියි. මේක තව අවුරුදු දෙකක් විතර යනකොට තේරෙයි හමුබන්තොට හරි ත්‍රිකුණාමලය හරි යාපනය හරි තවත් මේ වගේ නගරයක් හදන්න පුළුවන් කියලා. හැබැයි මේක වෙන brand එකක් දාලා තිබුණා නම් අර තැන හතරට එන වේලාවටත් මේකේම extension එක දෙන්න පුළුවන්නේ.. 1978 වුනෙත් මේකනේ..Colombo වලට විතරයි දැම්මේ. ඒ නමත් මාරු කරන්න වුනානේ..ඇයි අපි මේ පහුගිය අත්දැකීම් වලිනුත් දැකලා ඇයි මේ වගේම නමකත් දාන්නේ?

දැන් ඔය investor ඔතනට එනවා. ඔතනට ආවම practical problems ටික බලාපන්න පුළුවන්.අන්තිමට මේ finally අපේ රටේ මිනිස්සුන්ගේ development එකනේ මෙතන තියෙන්නේ.. ඒ උගන්වනකන් මේ එකක්වත් කරන්න බැනේ..


මේ කියපු විදියට ඉලක්කම් එක්ක කල්පනා කරලා බැලුවාම 2040 දී 2050 දී වත් මෙකේ අපිට ප්‍රතිලාභ හදගන්න බැරි වෙයිද?
නුගත්තු හිටියොත් කවුද රස්සාවට යන්නේ?

එ කියන්නේ general iq වගේ ඉහළම ප්‍රමාණයකින් ඕන වෙයිද ඔතනට?අපේ ඉනන් කට්ටිය මදි වෙයිද?
පවුල් ලක්ෂ 30ක් රස්සාවල් කරන්නේ නැ. එක තමයි අවුරුද්දට රුපියල් 5000 ගානේ දුන්නේ. ඉගෙනගෙන ඉන්න මිනිහෙක් නම් කොහොමහරි කරලා රස්සාවක් හොයගන්න පුළුවන් නේ.. එක්කෝ තමන්ගේ area එකේ එවගේ නැති නිසා අර විදියට දුප්පත් විදියට ජිවිත් වෙනවා ඉගෙන ගෙනත්.


එ වුනාට රට ගත්තට පස්සේ රටේ ශ්‍රම සහභාගීත්වය මේ අවස්ථාවේ ගිය අවුරුද්දත් එක්ක බලද්දී  ශ්‍රම බලකා සහභාගීත්වය 51.9 % ඉඳලා  5 0. 1 % දක්වා අඩුවෙලා තියෙනවා. එ කියන්නේ රටේ ජනයාගේ දායකත්වය අඩුයි කියන එක.

එක පැහැදිලිව පෙනවානේ.. තමන් හරියට ඉගෙන ගෙන තිබුණා නම් රස්සාවක opportunity එකක් තිබුනා නම් සමහර වේලාවට සංස්කෘතික ප්‍රශ්න තියෙනවා. දැන් දුවෙක් කියන්නකෝ. දුව අනුරාධපුරේ නම් කොච්චර ඉගෙන ගත්තත් අම්මාවයි තාත්තාවයි දාලා එන්න විදිහක් නැ. එහෙම දුප්පත් වෙන මිනිස්සුත් ඉන්නවා.. එක emotional දුප්පත් වීමක්. අනුරාධපුරේ  රස්සාවක් නැතිකමට එහෙම වෙනවා.  රුපියල් 5000 ගානේ මේ ලක්ෂ 30ට දුන්න දවසේ ඉඳලා මටත් හරි දුකක් දැනෙනවා.

අපේ අම්මලා තාත්තලා විශ්වවිද්‍යාල වලට මොනවහරි විදියකින් ඔය තියෙන විශ්වවිද්‍යාල වලට යවලා තියෙනවා. බාහිර උපාධි කරලා තිබෙනවා. එතකොට රටේ වෘත්තිය පුහුණු ආයතන වලින් විශාල පුහුණුකම් ලබලා තියෙනවා. ඔබ කියන විදියට මේ රටේ මිනිස්සු ඉගෙනගෙන නැ මේවා හරියන්නේ නැ කියලා කියනකොට ජනාධිපතිතුමාත් එකපාරක් කිව්වා කලා කරලා වැඩක් තියෙනවද කියලා. ගෙදරක දරුවෝ ඉන්නවා රස්සා නැතුව . හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි නේද? ඔය කියන විදියට වරාය නගරයට පිටරට අය ඇවිල්ලා රස්සා කරලා යයිනේ  අපේ රටේ සුදුසුකම් නැති අය නම් ඉන්නේ?

පිටරටින් මිනිස්සු ගෙනත් වැඩ කරන්න ගියොත් එතන coast එකක් තියෙනවානේ.. එතකොට ඒ රටේම කරා නම් ඉවරයිනේ. මොකද මෙතනට එන්නේ? මොකද්ද මෙතන තියෙන සුවිශේෂියත්වය?

ඇත්තටම එහෙනම් වැඩක් නැනේ..අඩු ශ්‍රමයත්  නැ. පුහුණු ශ්‍රමයත් නැ. ගොඩක් දේවල් නැනේ...

මම කියන්නේ මේක විතරක් නෙමෙයි.මේක එක ප්‍රශ්නයක්. තව 80%කට focus කරලා වැඩ කරන්න තියෙනවා. 20% වැඩේ කරන්න යද්දී ඔන්න ඔක්කොම කෑගහනවා. එතන confused වෙනවා. ආණ්ඩුවට මොකද්ද හිතෙන්නේ මේක කෙහොමහරි කරගන්න ඕනේ. තව තියෙන 80% ම අමතක වෙලා යනවා.

ලංකාවේ ව්‍යාපාර ගත්තාම දැන් ආපනයන සැකසුම් කලාප සහ කාර්මික උද්‍යාන ips තියෙනවා. සැකසුම් කලාපම විතරක් රට පුරා 12ක් විතර තියෙනවා. මේවායි තියෙන පහසුකම් ප්‍රමාණවත් මදිද අපිට මේ ආයෝජන ළඟා කරගන්න?
වැඩියෙන්ම තියෙන්නේ industries. service sector එකට නෙමෙයිනේ.. දැන් අපි port city වගේ කතා කරොත් service sector  එකට කතා කරන්න ඕනේ. boi zone  එකක දෙකම කරන්න පුළුවන්. මේ zone එක ඇතුළේ දෙකම කරන්න බැහැ. මොකද පොඩි ප්‍රමාණයක් නේ.. රට ඇතුළේ industries කරන ප්‍රමාණය මදි වෙලා තියෙනවා.


ලෝකේ මේ වගේ ආර්ථීක කලාප 5000කට වඩා වර්තා වෙනවා. මේ කලාප වල ක්‍රියාකාරීත්වයත් ඔය විදියට වෙන්වෙලාද තියෙබන්නේ නැත්තම් financial hubs විදියට ක්‍රියා වෙන ඒවා මේ වගේද?

මෙහෙමයි New York ගන්නකෝ.. New York  ගත්තොත් එහෙම ඒවා රටේ brand එකක් තියෙනවානේ.. රටේ නීතියක් තියෙනවා.. අපි කියමු law enforcement කියලා. අපි ඉන්නේ 164. අපි ව්‍යාපාරයක් වෙනුවෙන් උසාවි ගියොත් ලෝකේ 164 ඉන්නේ...ඒ කියන්නේ අවුරුදු 4, 5 ක් ඒ ප්‍රශ්නේ නිරාකරණය කරන්න දගලන්න ඕනේ.. ඓහම රටවල් වලට යන්නේම නැ මිනිස්සු. දැන් මේක කරන්නේ අර යන්නේ නැ කියන කැල්ලට නීතිමය කැල්ල විතරයි. හැබැයි ඔයයි මගේයි attitude එක හොඳ නැත්තම් ඒත් එන්නේ නැනේ.. ඔයා වෙන රටකට යද්දී මිනිහෙක් නිකන් තරහකරයෙක් වගේ ඔයා දිහා බැලුවොත් මොකද වෙන්නේ. මිනිස්සුන්ව අපි develop කරන්න ඕනි. රටේ මිනිස්සුන්ගේ attitude එක හොඳ නැත්තම් මේ මුකුත් වෙන්නේ නැ.

අපි සිනහා වෙන ජාතියක්, ආගම්තුක සාත්කාරය දන්න ජාතියක්. අපි එහෙමනේ brand කරන්නේ tourism සෙට් එකේ කොහෙහරි ගියාම

ළඟදී වුන incident එක බලන්න. tourism sector එකට පාරේ යන බල්ලෝ දැන් මමත් ගෙදර බල්ලෝ ඇති කරන හින්දා මාත් හරි ආසයි බලන්ට. හැබියි කොච්චර ආස වුනත්  tourism පැත්තට ගත්තට පස්සේ පාරවල් වල බල්ලෝ හිටියොත් ළමයෙක්ව කෑවා එතකොට හිතනවාද ප්‍රංශයේ මිනිස්සු මේ පොඩි ලමයා මැරණාට පස්සේ එ රටේ ගිහිල්ලා පිස්සු බලු රෝගය වැළඳිලා ප්‍රංශේ මිනිස්සු ආයෙත් මේ පැත්තට එන්න කොච්චර අමාරුවෙයිද කියලා. දවසකට බල්ලෝ 1000ක් හපා කනවා මේ රටේ. ඉන්ජෙක්ෂන් ගහනවා ඒ මිනිස්සුන්ට ඇතිවෙන්න.

ඔබට ආරධනා කරලා තියෙනවාද වරාය නගරයේ ආයෝජන කරන්න?
ඕව්.. ආරධනාවක් ලැබිලා තියෙනවා. ඒක positive විදියට බලලා තියෙනවා. හැබැයි අනිත් investment මොනවද එන්නේ කියන එකත් එකක් තමයි අපි යන්නේ.. අපිට එකපාරට ගිහිල්ලා පයින්න බැහැ.