මෙතෙක් වසරකට වරක් යාවත්කාලීන කරගෙන පැමිණි ඡන්ද හිමි නාමලේඛනය දැන් වසරකට තුන් වරක් යාවත්කාලීන කිරීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැනටමත් එක් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පනතට අනුව වයස අවුරුදු 18ට පැමිණෙන කෙනෙකු වයසට පැමිණ සති 2 ක් ඇතුළත තම දිස්ත්‍රික් කාර්යාලයට ගොස් එම ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචි විය හැකිය. ඒ අනුව වාර්ෂිකව ඡන්ද දායකයින්ගේ ලැයිස්තුව යාවත්කාලීන වන තෙක් ඔහුට බලා සිටීමට අවශ්‍ය නැත.
ඔහුගේ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් ඔහුට ස්වයංව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් අදාළ කොටසේ ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි විය හැකිය. එළඹෙන මැතිවරණයට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමේ අරමුණින් මෙම පනත හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පළමු ඡන්ද දායකයින්ගේ ලැයිස්තුව පෙබරවාරි 1 සිට මැයි 31 දක්වා ලියාපදිංචි කෙරෙන අතර දෙවන ඡන්ද දායකයින්ගේ ලැයිස්තුව ජුනි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ලියාපදිංචි කෙරේ. තුන්වන ඡන්ද දායකයින්ගේ ලැයිස්තුව ඔක්තෝබර් 1 සිට ජනවාරි 31 දක්වා කාලය තුළ ලියාපදිංචි කෙරේ.
ඡන්ද දායකයින්ගේ ලැයිස්තුව නිශ්චිත කාලයක් සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රදර්ශනය කෙරේ. ඉන් පසු එය සති දෙකක් තුළ ප්‍රධාන ලැයිස්තුවට ඇතුළත් වේ.
ඒ අනුව වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයෙකුට ඊළඟ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
0 Comments