මෙක්සිකෝවෙන් හමුවී ඇති PfizersioNTech එන්නත් තොගය ව්‍යාජ එන්නත් තොගයක් බව Pfizer සමාගම පවසයි. පසුගියදා එම එන්නත් තොගය මෙක්සිකානු බලධාරින්ගේ අතට පත්ව ඇති අතර, මෙහිදී එම එන්නත් මාත්‍රාවක් එක්සත් ජනපද ඩොලර් 1,000ක මුදලකට අලෙවි කෙරී තිබී ඇත. මීට අමතරව පෝලත්තයෙන්ද තවත් ව්‍යාජ Pizer එන්නත් තොගයක් හමුව තිබේ. මේ අතරින් මෙක්සිකෝව් සායනයක් තුළදී එරට 80දෙනෙකු වෙත මෙම ව්‍යාජ Pizer එන්නත ලබා දී තිබෙන බවත් අනාවරණය වී ඇත. ඒ අනුව මෙම එන්නත මගින් කිසිදු ආකාරයකින් coviD-19 වෙරසයට එරෙහිව ආරක්ෂාවක් හිමි නොවන බවත්,
ඒ වෙනුවට වෙනත් ශාරිරීක හානි සිදුවීමේ හැකියාවක් පවතින බවත් සමාගම පවසයි. මෙම වනජ එන්නන් තොගය බියර් සිසිලනය සඳහා යොදාගන්නා කුඩා ප්‍රමාණයේ සිසිලනයක බහා තිබී ඇති අතර, ඒවායේ ලොට් අංක සහ කල්ඉකුත්වීමේ දිනයන්ද වෙනස් බව මෙක්සිකානු බලධාරීන් පවසයි. මේ අතර පෝලන්තයේදී හමුවූ ව්‍යාජ Pfizer එන්නත් තුළ තිබී ඇති රූපලාවණ්‍ය ආල්පන සඳහා යොදාගන්නා සම රැලි වැටීම වළක්වන ආලේපනයක් බවත් Pfizer සමාගම පවසයි.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Pfizer සමාගමේ ප්‍රකාශකයෙකු. "coVid-19 වසංගනයේ ව්‍යාප්තියත් සමග ඇතිව තිබෙන අයහපත් තත්වය නිසා මෙවැනි ව්‍යාජ එන්නත් බෙදාහැරීම් සිදුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම අත්තර්ජාලය හරහා ඉතාමත් පහසුවෙන් මෙම නීතිවිරෝධී ව්‍යාජ එන්නත් අලෙවිය ශීඝ්‍රයෙන් සිදුවීමේ හැකියාව තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ. එසේ අද වනවිට ලොව පුරා මතුව ඇති coVID-19 මර්දන එන්නත් හිඟතාව මෙවැනි ව්‍යාජ එන්නත් වෙළඳ පොළ වෙත නිකුත්වීම සඳහා හේතුවක් වී ඇතැයිද Pfizer සමාගමේ තවත් ප්‍රධානියෙකු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම සහ ජර්මනියේ BioNTech යන සමාගම් එක්ව මෙම සැබෑ Pfizer එන්නත් නිපදවීම සිදු කරයි.
0 Comments