ජනාධිපතිවරයා විවේචනය කරමින් 'ෆේස්බුක් පෝස්ට්' පළ කළේ යැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නිරතව සිටි නිලධාරිනියන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එම ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කළ නිලධාරීනිය අදාළ විමර්ශනය නිම වන තෙක් තාවකාලිකව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට මාරු කර ඇත. අදාළ නිලධාරිනියන් දෙදෙනා විසින් සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා විවේචනය කර ඇති බවට අනාවරණය වී ඇතැයි වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියගේ අත්සනින් යුතු ලිපියක් මගින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා වෙත පසුගිය 29වැනිදා දැනුම්දී තිබේ.
ඒ අනුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන් වේ. කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ, විමර්ශන සිදු කිරීමට තරම් අදාළ 'ෆේස්බුක් පෝස්ටවල යමක් සඳහන් නොවන බවයි. එසේම අනෙක් අතට පවතින රජයේ වැඩපිළිවෙළට සහාය දක්වමින් රාජකාරිය ඉටු කිරීම රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම වන බවද හෙතෙම පැවසීය. එසේම රජය හෝ පාලකයන් විවේචනය කරනු වෙනුවට සිදු කළ යුතු බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු වන බවද ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.
0 Comments